ගරා නැටුම ඇතැම් පිටපත්හි කීල ගරා, මෝලන් ගරා යනුවෙන් වෙන වෙන ම විස්තර දැක්වේ. ගරවුන් පිළිබඳ සංකල්පය බොහෝ යාතුකර්මයන්ගෙන් හෙළිදරව් වේ. ගරවුන්ට වස් දොස් දුරු කිරීමට මහත් බලයක් ඇති බැව් ඒ හැමකින් ම පැහැදිලි ය. ගරවුන් සඳහා ම කෙරෙන යාතුකර්මයක් ද වේ. එය ගරාමඬුව නමින් හැඳින්වේ. ඇතැම් අවස්ථාවල ගරා තොවිලය, ගරා යකුම් යන විකල්ප නාමයන්ගෙන් ද එය හැඳින්වෙන බව පෙනේ.
කීල ගරව් සඳහා බෙර පද
පැමිණෙන පදය :
ගදිත ගත - ගුංද ගදිත ගත////
ඉරට්ටිය :
රිං ගදිත ගද ගත්ත ගදිත ගත
ගදිත ගදි ගුඳ ගත් දැහිං//
පදය :
ගුඳි ගඳ ගත ගදි ගත ගත ගුඳි ගුඳ ගත රෙගත දොං//
ගුඳ ගුඳි ගත් රෙගත දොං//
ඉරට්ටිය :
දොංත ගදිත ගත්දිත් තත් හුරගත ගුඳ දැහිං
පදය :
ගුඳ ගුඳ ගත රෙගත දැහිං
ගදි ගත ගත දෙගත දොං////
ඉරට්ටිය :
ගුඳි ගුඳංත ගදි ගතංත ගුඳි ගුඳගත රෙගත දොං//
ගුඳි ගුඳ ගත් රෙගත් දොං
ගදිගත ගත් රෙගත් දොං
දොංත ගුඳිත ගත් දිත් තත්
හුරගත ගුඳ දැහිං
මහ ගරව් සඳහා බෙර පද
පැමිණෙන පදය :
ගදිත ගත - ගුංද ගදිත ගත////
පදය :
රිං ගත තත් ගත්ත ගතකු දොංත ගතං දැහිං
ගත්ත ගතං ගත්ත ගතකු දොංත ගුඳක දැහිං
ඉරට්ටිය :
හුරගත ගත ගදිගත ගුම් හුරගත ගුඳ දැහිං
රෙගතත් දොං ගත ගදිගත ගුම් දොං
පදය :
රිං ගත් තත් දැහිං//
ඉරට්ටිය :
රිංගත් තත් ගදිගත ගුම් දොංත ගදං
දිං ගත්තත් ගදිත ගතං ගඳිගත ගුගුඳත්
රෙගදක දොං දිකුදක දැහිං