වලස්සු
සිංහ නැටුම් මෙන් ම වලස් නැටුම් ද සෑම කෝලම් පිටපතක ම පාහේ දැකිය හැකි ය. මෙය ද පෙරහර සඳහා යොදාගනු ලබන්නකි. එසේ යොදාගන්නා විට වලසුන් කිහිප දෙනෙකු ඉදිරිපත් කරනු දුට හැකි ය.
වලසුන් සඳහා බෙර පද
පැමිණෙන පදය :
ගුංදං ගදිත දැහිං
ගත්තං ගදිත ගු දොං////
පදය :
දැහිං ගුඳ ගුඳ දැහිං ගත ගත////
ඉරට්ටිය :
ර්ර්රිං ගත ගත ගදිගත ගුඳ දත් දිගු දක දැහිං
ගත්තං ගත ගත ගදිගත ගුගුඳත් රෙ ගුඳක දැහිං
පදය :
දැහිං ගුඳ ගුඳ දැහිං ගත ගත////
ඉරට්ටිය :
හුරගත ගත්තත් දෙගතත් - ගදිගත ගත්තත්
දෙගතත් ගත්දිත්තත් - ගුංදිත් තත්- ගදිත ගතක දොං
පදය :
ගුඳ ගුඳ ගුඳ ගදිත ගතං
රුද ගුඳ ගුඳ ගදිත ගතං////