කාපිරි කෝලම
මේ වනාහි කාපිරි අඹු-සැමි දෙදෙනකු නිරූපණය කරන්නකි. ඔවුන් විසින් මිනිසුන්ගේ මස් කෑමට ගනු ලබන බව කියති. අධිරාජ්‍ය පාලන කාලයේ කාපිරි ජාතිකයන් මෙරටට ගෙනවිත් ඇති අතර ඔවුන් කෙරේ මෙරට වැසියන් තුළ ඇති වූ භීතය හා පිළිකුල මේ කෝලම මගින් පළ කෙරෙන්නේය. මිරිස්ස උඩුපිල කෝලම් කුට්ටමේ හැර වෙනත් තැන්වල මේ කෝලම දක්නට නැත.
කාපිරි කෝලම සඳහා බෙර පද
පැමිණීම :
1. ගුඳ ගති ගත///
ගුඳ ගුඳ ගත
2. ගතකු - දොංත ගතකු
පදය :
දොං ගජිත ගතාං ගජිතකු////
දොං ගුඳ ගුං දැහිං ගත ගත්////