තුන්වන පිටුව
 

මවු පිය දෙදෙන වත්
තමන් ගුරුවරයින්වත්
නුඹෙ වරද ඇසුවොත්
නො සවා එය කියනු යහපත්

මපිය දෙදෙනා හෝ තම ආචාර්යවරයන් හෝ තමන්ගෙන් සිහිවූ වරදක්‌ ගැන විමසූ විට නොසවා කීම යහපත් ය.


 

 

මවුපියෝ උතුම්මය
අපගෙ පෙර දෙවිවරුමය
අප රකිනුවෝ මය
වඳිමු මවිපිය දෙදෙන මහිමය

මවුපියෝ උතුම් ම අය වෙත. ඔවුහු අපගේ පළමු දෙවිවරු ම ය. ඔවුහු අප ආරක්‌ෂා කරන්නෝ ම ය. මවුපිය දෙදෙනා ශ්‍රේෂ්ඨ ය. ඔවුන් වඳිමු.

සියලු යස ඉසුරට
සරිලු නිසි මගපෙම්කොට
බැබලු පිය රුවනට
සියලු තන්හිම වඳිමු සිහිකොට

සියලු යස ඉසුරට සුදුසු මග ආදරයෙන් පෙන් වූ බබළන මැණිකක්‌ වූ පියාට හැම කල්හි ම අමතක නොකර වඳිමු.

ගියත් ගම් රටවල
මහත් දුක්‌ ඇත සිතතුල
වඩත්දරු පෙමිබල
අපිත් අප පිය වඳිමු හැම කල

ගම් රටවල ගියත් පියතුමාගේ සිතෙහි (අප ගැන) මහත් දුක්‌ උපදියි. බලවත් දරු සෙනෙහස වැඩෙයි. එබදු සෙනෙහෙබර පියාට අපි හැම කල්හි වඳිමු.

නොයෙක්‌ කරදරවිඳ
සැපක්‌ ගැනුමට නොම හිඳ
දුකක්‌ දැ#රු හැම සඳ
මවෙක්‌ වැනි වෙන මෙලොව කවරෙද

නොයෙක්‌ හරි හැර විදිමින් සැපක්‌ ලැබීමට නො හිඳ ම මවක්‌ මෙන් (අප වෙනුවෙන්) හැමවිට ම (අප වෙනුවෙන්) දුක්‌ දරණ කෙනෙක්‌ ලොව වෙන කොයින් ද?

ලබන තුරු දස මස
දුකින දැරුවත් දරුකුස
දකින තුරු තම ඇස
කලන මවරු වෙසෙත් සැප ලෙස

දස මස පිරෙන තුරු දුකින් දරුවා කුසෙහි දරු තම ඇසට පෙනෙන තුරු යහපත් මවිවරු එය සැපයක්‌ ලෙස සිතා වෙසෙත්.

(c) Shilpa Sayura Foundation 2006-2017