අනංග බහිරව
 

අනංග බහිරව

මෙය දෙවි රුවක් මෙන් රූපශ්‍රියෙන් යුතු බැව් කියැවේ. මේ කෝලම් ගැන විස්තරයේ අනංගයාගේ රූපය මුදුනෙතින් දෙවිරුව දෙකක් දෙපසෙකින් ඇති බැව් කියැවෙයි. මිරිස්ස උඩුපිල සහ මිරිස්ස දකුණේ කෝලම් කුට්ටම්වල මේ මුහුණ ඇති නමුදු ඒවා එකිනෙකට වෙනස්ය. බ්‍රිතාන්‍ය කෞතුකාගාර පිටපතේ ද අනනංග බහිරව ගැන විස්තර ඇත. එහෙත් මේ එකිනෙකේ ඇති විස්තර බොහෝ වෙනස් බව පැහැදියි ය.

අනංග බහිරව සඳහා බෙර පද

පැමිණෙන පදය :
ගුඳි ගදි ගත////
රිං ගනිති ගදිරිකිට ගද ගහිති ගතං
තත් දිගතං තත් දොං දිත් තා

නටන පදය :
ර්රිං ගද ගදි ගද දැහිං දැහිං
දිරිකිට ගදි ගද ගුඳි ගුද ගුං//

ඉරට්ටිය :
ර්ර්රිංත දෙගත ගුඳ ගදිත කු දොං
දොංත රෙගත ගුඳ දැහිං//

පදය :
ගතං ගුද - ගුඳිත ගතාං ගුඳ////

ඉරට්ටිය :
ගුඳිත ගත් රෙගත ගුගුදං

පදය :
ගතාං ගත ගුඳිත ගදිත ගුඳ///

ඉරට්ටිය :
ගුඳිත ගතාං ගුං දත් තකුදත් දැහිං

යන පදය :
ගුඳිත ගතං ගත ගුඳිත ගතං ගත ගුජිත ගතං තකු දොං

(c) Shilpa Sayura Foundation 2006-2017