ලන්දේසි කෝලම නමින් ද මෙය හැඳින්වේ. සැමියා කරපිට තබාගෙන රඟන ලන්දේසි ස්ත්‍රියක මෙයින් නිරීපණය වේ. 'නෝනා සහ සිඤ්ඤෝ' යනුවෙන් ද මොවුන් හඳුන්වනු ලැබේ. මේ කෝලම ඉදිරිපත් කිරීමේ දී සංවාද යොදා නො ගැනේ. මිරිස්ස උඩුපිල කෝලම් මඬුවක දී කරපිට කෝලම දැකගත හැකිය. එහි කෝලම් පිටපතේ ද කරපිට කෝලම ගැන විස්තර වේ. එහෙත් කෝලම භාරව සිටින්නේ වෙන ම පවුලක අයයි. ඒ කෝලම තැන්පත් කර ඇත්තේ ද ඔවුන්ගේ නිවසේ ම වීම විශේෂයකි. එසේ වී ඇත්තේ ඒ නැටුම පවුල් පරම්පරාවට හිමි කරගෙන ඇති බැවිනි. කරපිට කෝලම අම්බලන්ගොඩ බන්දු විජේසූරියගේ කෝලම් කුට්ටමට ද ඇතුළත් බව ඔහු කියයි. එහෙත් එය දැක නැත. OR 4995 බ්‍රිතාන්‍ය කෞතුකාගාර පිටපතේ ද මේ ගැන විස්තර කෙරේ.
කරපිට කෝලම සඳහා බෙර පද
පැමිණෙන පදය :
ගතකු - දොංත ගතකු///
පදය :
ගහිත ගතකු
දොං ගුජිතකු දැහිංත ගතකු
දොං ගුඳ ගුං ඳාං ගත ගති