අණබෙර කෝළම
 

අණබෙරකාරයා වනාහි පැරණි සමාජයේ විශේෂ රාජකාරියක නියැලි පුද්ගලයෙකි. ඒ රාජකාරිය වන්නේ රජුගේ අණ පනත් රටේ තැනින් තැන ගොස් රටවැසියාට දැනුවත් කිරීමයි. එබැවින් සන්නිවේදන කටයුතු නොදියුණු අතීත සමාජයේ අණබෙරකරුගේ සේවය වැදගත් වන්නකි. බොහෝ මහලු පුද්ගලයෙකු ලෙස නිරූපණයක කෙරෙන මොහු අතකින් සැරයටියක් හා උරයේ දවුලක් දරා සිටී. පච්චවඩමක් ඉඟ වටා බැඳ තිබේ. බරවා කකුලකින් යුතු මොහු නිතර වෙරිමතින් තැනින් තැන වැටෙමින් යන බැව් කියැවේ. මොහුගේ රාජකාරිය වූකලී වැඩවසම් සමාජයේ එක්තරා කුලයකට හිමිවූවකි. පනික්කලේ යනුවෙන් ද ඇතැම් විට මොහු අමතනු ලැබේ. දරුවන් කිහිප දෙනෙකු ද සිටින මොහු ගෙදරදොර කටයුතු ගැන වැඩි සැලකිල්ලක් ද නැති බැව් පෙනේ. එසේ වන්නේ රාජකාරියට ම ප්‍රමුඛත්වය දෙන නිසා විය හැකිය. රජුගේ අණ පනත් ප්‍රකාශයට පත් කරන බැවින් මොහු මහත් උජාරුවෙන් පසුවන්නකු බැව් ප්‍රකාශ කෙරේ.

අණබෙර කෝළම සඳහා බෙර පද

පැමිණෙන බෙර පදය :
ගුඳ ගති ගත ගුඳ ගුඳ ගති ගත //////
ඉරට්ටිය :
ර්ර්රිං ගුහිති ගදිරිකිට ගත
ර්ර්රිං ගුහිති ගදිරිකිට ගත
ර්ර්රිං ගුහිති ගදිරිකිට ගත ගහිති ගතාං
තත් දිගතං තත් දොං තත් දිත් තා

1 පදය :

ගධාං ///
ගත් දිත ගත දොංතක දොංතක දොං
ගධ ගධ ගත්දිත ගධ දොංත ගුගුඳගත්
ගුඳිත ගදි ගුඳ ගත දොං
ර්ර්ර්රිං ගත ගදි ගධ ගද්දිත ගත දොංත
ගුගුඳ ගධ ගුඳිත ගදි ගුඳගු දොං
ගදි ගධ ගදි ගුඳ ගත් දිත් තත්
දොතං ගුගුඳ ගත ගදිත ගති ගුඳගු දොං

සුරල :

ගධ ගධ ගදිත///
ගුගිති ගද්දිරිකිට ගුඳ ගත්///
ගුඳ ගුඳ ගුඳිත///
ගුහිති ගද්දිරිකිට ගුඳ ගත්///
ගධ ගධ ගදිත//
ගුහිති ගද්දිරිකිට ගුඳ ගත්//
ගුඳ ගුඳ ගුදිත//
ගුහිති ගද්දිරිකිට ගුඳ ගත්//
ගධ ගධ ගදිත
ගුහිති ගද්දිරිකිට ගුඳ ගත්
ගුඳ ගුඳ ගුඳිත
ගුහිති ගද්දිරිකිට ගුඳ ගත් තා
රිංගත් තත් රෙගදිත ගුඳ දැහිං

(c) Shilpa Sayura Foundation 2006-2017