ආරච්චි පැමිණෙන්නේ මුදලිගේ අණ ක්‍රියාත්මක කිරීම සඳහා ය. මොහු සමඟ ලියන්නෙක් ද පැමිණෙයි. බොහෝවිට ඔහු හැඳින්වෙන්නේ ලියනප්පු යන නමිනි. ආරච්චි පැමිණ රජු පැමිණීමට නියමිත උත්සව භූමියේ සැරසිලි කටයුතු හරිහැටි සිදු වී ඇත්දැයි නිරීක්ෂණය කරයි. රූමත් ලෙන්චිනා පිළිබඳ අනුරාගි හැඟීම්වලින් සිත සලිත වන මොහු නිරන්තරයෙන් ඇය හා සමඟ රහස් සබඳතා පවත්වන්නෙකි. හාස්‍ය රසයෙන් අනූන කෝලමකින් ලෙස මේ කෝලම ජනප්‍රිය වී ඇත.
ආරච්චි කෝලම සඳහා බෙර පද
සබයට එන පදය :
ර්ර්රිං රිං ගත දැහිං ගතාං ගුඳ ගුං ////
අලංකාරය :
ර්ර්රිං ගත දැහිං ගතාං ගත ගුං
ගුඳ ගුඳ ගුඳ ගත දැහිං ගතාං ගුඳ ගුං
සුරල :
දෙහුර තහුර ගධ
ගුහිති ගදිරිකට ගුඳ ගත
ගුඳං ගදිත ගත දැහිං
ගද්දිරිකිට ගත්තත් දොං
පිටවී යන පදය :
ර්ර්ර්රිං ගත දැහිං - ගතාං ගුඳ ගුං
ගුඳ ගුඳ ගුඳ ගත දැහිං - ගතාං ගුඳ ගුං