දෙවන පිටුව
 

සිනා හඩලී මෙන
කතා නොකරනු කිසි තැන
කවට බස්‌ කියන
උතුම් අය ළග කතා නැත ගුන

හඩ නගා` සිනා සෙන් කිසි විටක කථා බස්‌ නො කරන්න. උතුමි අය ඉදිරියෙහි විහිලු තහලු කරන් කතා කිම යහපත් නොවෙ.

කතා බස්‌ කරමින
සිටින දෙදෙනෙකු අතරෙන
ගමන නොහිබී යන
වසනු යහපති එබව දැනගෙන

දෙදෙනෙකු කථා කරන් සිටින තැන අතරින් ගමන් කිරීම නුසුදුසු ක්‍රියාවකි. එම කරුණ දැන වාසය කිරීම යහපත් ය.


 

උරුවන් බබා වත්
සී පද කියා ගෙන වත්
සින්දු කියමින් වත්
ගෙවල් අසලින් යාම නොහොබිත්

සිවුරුහන් කරන්, සිපද කියන්, සින්දු කියමින් ගෙවල් අසලින් යාම අශෝභන ය.

යමෙකු යන එනවිට
සිනා නො ම සෙන් කිසිවිට
පැමිණි කලගෙදරට
එබී නොබලනු සැඟවී ගෙයි සිට

යමෙක්‌ තමන් අසලින් යන එන අවස්‌ථාවල දී ඔහුට ඇසෙන සේ ශබිද නගා සිනාසීම සුදුසු නැත. කවුරුන් හෝ තම නිවසට පැමිණි විට ඔවුනු දෙස ගෙයි සැඟ සිට එබී බැලීම ආචාරශීලී නොවන්නකි.

යමක්‌ නො ම ඇසූ විට
උත්තර නොදෙනු පරහට
නුඹෙන් ඇසූ යමකට
දෙනුව උත්තර හොඳින් සිහිකොට

යමක්‌ නො විමසූ විට අනුන්ට පිළිතුරු නො දෙනු. යමක්‌ ඔබෙන් විමසූ විට හොඳින් සිතා මතා උත්තර දීම යහපත් ය.

ගුරුන් දෙගුරුන් වත්
වැඩිහිටි අන් කෙනෙකු වත්
කතාවක්‌ කළහොත්
නැගිට උත්තර දීම යහපත්

ගුරුවරුන් හෝ මපියන් හෝ වෙන වැඩිහිටියන් හෝ යමක්‌ විමසූ විට එයට නැගිට පිළිතුරු දීම යහපත් ය.

(c) Shilpa Sayura Foundation 2006-2017