සැමට සෙත් වඩවන
සිරිත් මල්දම බලමින
සිරිත් හොඳ දැනගෙන
මහත් යසසිරි ලබනුදෙලොවින
සැමට සෙත සළසන සිරිත් මල්දම බලා හොඳ සිරිත් දැනගෙන මොලොව පරලොව දෙකේ මහත් කීර්තිය හා සම්පත් ලබාගන්න.
හොඳ නොහොඳ දෙකමය
හොඳ නොහොඳ අයගෙන් මය
ගඳ සුවඳ දෙකමය
ගඳ සුවඳ එය දෙයින් වනුමය
ලොව) හොඳ සහ නරක යැයි කරුණු දෙකකි. ගඳ හා සුවඳ ඒ දෙකෙන් ම විහිදී යන්නාක් මෙන් හොඳ අයගෙන් ම හොඳත් නරක අයගෙන් ම නරකත් ඇති වෙයි.
නපුරු අයසමගින
තුරු නොමවන් කිසිතැන
රුදුරු නයි විස මෙන
ඇසුරු නොකරනු සොඳින් දැනගෙන
නපුරු අය සමග කිසි විටක මිතුරු නො වන්න. නපුරු ඇසුර රුදුරු නයාගේ විස මෙනි. නරක මිතුරන් හොඳින් දැනගෙන ඇසුරු නො කරන්න.
තම නිවසට පැමිනි
සැම දෙනහට මකුලුණෙනි
කතා බස් කරමිනි
අසන් තොරතුරු සුදුසු විදියෙනි
තමන්ගේ නිවසට පැණෙන සියලු දෙනාට ම කාරුණික ව හොදින් කථා බහ කරන්න. සුදුසු අයුරින් තොරතුරු විමසන්න.ඇනම් පද නොකියමි
බැනම් කැත බස් නොකියමි
නිකම් බස් නොකියමි
තරම් පමණට වදන් තෙපලමි
මම ඇණුම් පද නො කියමි. නො බනිමි. නරක වචන නො කියමි. හිස් වචන නො කියමි. මම මගේ තරම දැන කථා කරමි.
ඉන්න තැන කෙල ගැසුම ද
නියපොතු විකීම ද
අසුබ ලකුණුය සිතන් හැම සඳ
හිසකේ කැපීමත්, තමන් සිටින තැන කෙළ ගැසීමත්, නියපොතු සැපීමත් අශෝබන සිරිත් ලෙස හැම විට සිතන්න.
![](/sayura/images/logo2.png)