සිංහලේට ගොඩ බැසීම
 

තල්පතේ කවි


පළමුව තල්පත කොහෙන් ගෙනෙන්නේ
පළමුව තල්පත පයින් ගෙනෙන්නේ
පළවැනි තල්පත බොරුයි කියන්නේ
ආයම පරයා දේසෙට යන්නේ


දෙවනුව තල්පත කොහෙන් ගෙනෙන්නේ
දෙවනුව තල්පත දනෙන් ගෙනෙන්නේ
ඒ තල්පත අපි බාර නොගන්නේ
ආයම පරයා දේසෙට යන්නේ


තුන්වෙනි තල්පත කොහෙන් ගෙනෙන්නේ
තුන්වෙනි තල්පත බඩෙන් ගෙනෙන්නේ
තුන්වෙනි තල්පත බාර නොගන්නේ
ආයම පරයා දේසෙට යන්නේ


සිවිවෙනි තල්පත කොහෙන් ගෙනෙන්නේ
සිව්වෙනි තල්පත අතින් ගෙනෙන්නේ
සිව්වෙනි තල්පත බාර නොගන්නේ
ආයම පරයා දේසෙට යන්නේ


පස්වෙනි තල්පත කොහෙන් ගෙනෙන්නේ
පස්වෙනි තල්පත කරෙන් ගෙනෙන්නේ
පස්වෙනි තල්පත බොරුයි කියන්නේ
ආයම පරයා දේසට යන්නේ


සයවෙනි තල්පත කොහෙන් ගෙනෙන්නේ
සයවෙනි තල්පත කනෙන් ගෙනෙන්නේ
සයවෙනි තල්පත බාර නො ගන්නේ
ආයම පරයා දේසෙට යන්නේ


සත්වෙනි තල්පත කොහෙන් ගෙනෙන්නේ
සත්වෙනි තල්පත ඉසෙන් ගෙනෙන්නේ
සත්වෙනි තල්පත සැබැයි කියන්නේ
ඒ රට රජුගෙන් බලය ලැබෙන්නේ


ඈත සිටන් එන්නේ ගුරු කෑමුර ගා ගෙන
බිත වෙලා ඉන්නේ සමහරු දෙන
සීත සුළං වැඩි කියා ගත වෙව්ලා ගෙන
බූත යකෙක් සේ ම නටයි ගුරුවා ඇව දින



දුන්න අණ ලෙසට නරනිදු මේ අපට
ඉන්නෙමි මෙතන මුරකාවල් බලා සිට
ඇන්න වරෙන් ගොස් ලියුමක් රජු ළඟට
ඉන්ට නො දෙමි නැත්නම් මේ නුඹලාට

(සොකරිගෙ සෙල්ලම්)



සෝකරි එන්නී සබයෙන් අවසර ගන්නී
නැටුම නටන්නී තාලෙට රාග කියන්නී
පද අල්ලන්නී පියවුරු ළැම සොලවන්නී
කැඩපත ගන්නී සුරතින් මූණ බලන්නී

අඳුන් ගාන්නී නෙත්දෙක ඔමරි කරන්නී
මල් ගවසන්නී කොණ්ඩෙ ගොතා හෙළන්නී
පද අල්ලන්නී පියවුරු ළැම සොලවන්නී
කැඩපත ගන්නී සුරතින් මූණ බලන්නී


අඳුන් ගාන්නී නෙත්දෙක ඔමරි කරන්නී
මල් ගවසන්නී කොණ්ඩෙ ගොතා හෙළන්නී
තෝඩු දමන්නී පවලන් මාල බදින්නී
සේලෙ අඳින්නී පටකින් ඔමරි කරන්නී


මෙසේ නටාලා එන ලඳ ලක ලීලා
වළලු දමා ලා දෑතේ එමුදු දමාලා
කාවිද මාලා කරවට මාලා දමාලා
සබයට පැන ලා ඇවිදින් නටයි බිම බලා


(විවේකය)
-තුන්දෙනාගෙ සෙල්ලම

(c) Shilpa Sayura Foundation 2006-2017