වැඩ ඇති විට අතපසු නොකරන්නේ
අද දවසට වැඩ අද කරපන්නේ
හෙට දවසට හෙම කල් නොදමන්නේ
නිසි කාලෙට නිසි වැඩ කරපන්නේ
වැඩ කටයුතු ඇතිවිට අතපසු නො කරන්න. අද දවසට නියත කාර්යයන් අද ම නිම කරන්න. ඒවා කිසි විට හෙටට කල් නො දමන්න. සුදුසු කාලයෙහි සුදුසු වැඩ කරන්න.
සෙල්ලම් කරමින් දබර නො වන්නේ
නොතරම් වචනින් බැන නොමගන්නේ
සෙල්ලම් කෙරුමෙන් වැඩ නොනසන්නේ
සෙල්ලම් විලසින් කල් නොයවන්නේ
සෙල්ලම් කරන් දබර නො වන්න. පහත් වචන කියා නො බණින්න. සෙල්ලම් කිරීමට කාලය කැප කිමෙන් තමන්ගේ කාර්යයන් විනාශ නො කරන්න. සෙල්ලමෙන් ම කාලය ගත නො කරන්න.
සොහොයුරුවන් සහ දබර නොවන්නේ
පරුස බසින් බැණ පව් නොමගන්නේ
තරහ වෙන් ඌ මූ නොකියන්නේ
එකතු කමින් හොඳ වැඩ කර පන්නේ
සහෝදරයන් සම දබර නො වන්න. පරුස වදනින් බැණ පවි පුරවා නො ගන්න. තරහ වෙන ඌ මූ යයි නො කියන්න. එකමුතු කමින් යහපත් වැඩ කරන්න.
ළමයින් දුටුකල පොරට නොයන්නේ
කරමින් කොලහල බණ නොමගන්නේ
දෙවියන් ඉර හඳ මවු පියවැන්නේ
කියමින් කිසිකල නොම දිවුරන්නේ
ළමයි දුටුවිට රණ්ඩුවට නො යන්න. කෝලහල කරමින් බැණ නො ගන්න. ගෙදරියන් ඉර, හඳ, මපියන් ඉදිපත් කොට කිසිවිටක නො දිවුරන්න.
හවසම නින්දට පුරුදු නො වන්නේ
උදයම නින්දෙන් නැගිට සිටින්නේ
ආගම අදහන සිහි කර ගන්නේ
නො හැර ම වැඩ පල බලා ගනින්නේ
සවස (වේලාසනින්) ම නිදාගැන්මට පුරුදු නො වන්න. අලුයමින් නින්දෙන් අවදි වන්න. තමන් අදහන ආගම සිහි කොට වැඩ කටයුතු අඩුපාඩුවක් නො වන ලෙස කිරීමට වග බලා ගන්න.
මහත් වැඩක් තව කියම් අසන්නේ
පහත් ව පා ලග දෙමපියන්නේ
මහත් දයාවෙන් ගෙන දෝතින්නේ
බුලත් අතක් දී වැඳ සිටපන්නේ
තවත් යහපත් ක්රියාවක් ගැන කියමි. එය අසාගන්න. දෙමපියන් ගේ දෙපා ළඟ පහත් ව දෝතින් බුලත් අතක් දී මහත් දයාවෙන් වඳින්න.
ළමාකමට නිසි වැඩකරපන්නේ
තරුණකමට හෙම සිත නොමගන්නේ
යටත් කමට සිත ගෙන හැදියන්නේ
උසස් බවට පැමිණෙයි නිසැකින්නේ
ළමා කමට ගැළපෙන කාර්යයන් කරන්න. තරුණකම සිතට නොගන්න. සිත කීකරුකමට නැඹුරු කොට ගෙන යහපත් ව හැදෙන්න. නිසැකයෙන් ම එයින් උසස් බවට පත්වේ.
මිතුරු සැප වේවා
සතුරු දුක් දුරුවේවා
ඉසුරු වැඩි වේවා
ළදරු පෙළහට ජයක් වේවා
සම්පත්තිය සැලසේවා.
සතුරු දුක් කරදර දුරු වේවා
යස ඉසුරු වර්ධනය වේවා
ළදරු පරපුරට ජයක් ම වේවා