(නැව සෑදීම)
කුඹ තුන නැව පිට වෙනම සදන්නේ
මුදුන් කුඹේ උඩ කොඩිය බඳින්නේ
නැවට නොයෙක් බඩු ගෙන පුරවන්නේ
සිංහල රට යන නැව සරසන්නේ
නැව සාදා නිමිති බැලීම
ගමන එන්න සැරසිණි සිංහල රට
බඳින රැවල් බඳිමින් නැව යන්නට
හඬන කොවුල් හඬ වෙති බාදාවට
අගුණ වේය ගිය හොත් මේ ගමනට
ලාගෙ දැන ගෙන නිමිති ගුරුන් දා
මාගෙ මේ සොකරි නැතිවෙන් දා
වේගෙ සිත අන් තැනකට යන් දා
දීගෙ ගොස් දෙරාළගෙ ඉන් දා
මාගෙ මේ සොකරි නැතිවෙන් දා
වේගෙ සිත අන් තැනකට යන් දා
දීගෙ ගොස් දෙරාළගෙ ඉන් දා
බලා නිමිති අසුබේ දැන ගත් විට
මුලා සිතේ පවතින්නේ හැම විට
ගලා වැටී නැව යයි වෙන රට කට
බලා පදිති එන ලෙසට සොලී රට
මුලා සිතේ පවතින්නේ හැම විට
ගලා වැටී නැව යයි වෙන රට කට
බලා පදිති එන ලෙසට සොලී රට
නැව් පැදීම
මහ මුහුදට නැව ඇවිත් බසින්නේ
මහ මුහුදේ නැව පැදගෙන යන්නේ
කිරි මුහුදට නැව ඇවිත් බසින්නේ
කිරි මහුදේ නැව ගමනි බොලන්නේ
නිල් මුහුදට නැව ඇවිත් බසින්නේ
නිල් මුහුදේ නැව පැදගෙන යන්නේ
ගොළු මුහුදට නැව නැව ඇවිත් බසින්නේ
ගොළු මුහුදේ දී හුලන් හෙලන්නේ
මහ මුහුදේ නැව පැදගෙන යන්නේ
කිරි මුහුදට නැව ඇවිත් බසින්නේ
කිරි මහුදේ නැව ගමනි බොලන්නේ
නිල් මුහුදට නැව ඇවිත් බසින්නේ
නිල් මුහුදේ නැව පැදගෙන යන්නේ
ගොළු මුහුදට නැව නැව ඇවිත් බසින්නේ
ගොළු මුහුදේ දී හුලන් හෙලන්නේ
කර මුහුදට නැව ඇවිත් බසින්නේ
කර මුහුදේදී නැව හුලං හෙලන්නේ
මුහුදු හතක් පසුකර ගෙන එන්නේ
මහජල මුහුදේදී නැව පොඩිවෙන්නේ
කර මුහුදේදී නැව හුලං හෙලන්නේ
මුහුදු හතක් පසුකර ගෙන එන්නේ
මහජල මුහුදේදී නැව පොඩිවෙන්නේ
තුන් මස තුන පෝයක් අපි එන්නේ
මහජල මුහුදෙදි කරදර වෙන්නේ
අපි කළ පින්බලයෙන් ගොඩ වෙන්නේ
මේ ලෙස ගුරුවා ඉඳ පවසන්නේ
මහජල මුහුදෙදි කරදර වෙන්නේ
අපි කළ පින්බලයෙන් ගොඩ වෙන්නේ
මේ ලෙස ගුරුවා ඉඳ පවසන්නේ