මෙහිදී සිදු වන්නේ සහතික කිරීමේ පිලිගත් අයතනය විසින් තමන්ට අයත් වන්නාවූ ලේබල් සලකුණ නිපැයුම් වලට බද්ධ කිරීමයි. මෙවන් ආයතන නොයෙක් රටවල ඇති අතර බොහෝ එවන් ආයතනයන් තම ලේබලය සමග ගෝලීය පිලිගැනීමට ලක් වී ඇත. මෙම සහතික ලේබලය ලබා ගැනීම සඳහා පෙර විස්තර කල අයුරු තම ගොවිපල හසුරුවා ගත යුතුය. එම සහතික ලබා ගැනීමේදී එක් එක් ආයතන තමන් අවධානය කරන කරුණු කාරනා කාබනික ගොවියාට දැනගන්නට ලබා දෙනු ඇත. තම නිපැයුමට පිලිගත් ලේබලයක් අලවා ගැනීමට හැකියාව ලබා ගැනීම පාරිභෝගික දැනුවත් කිරීමක් වනු ඇත. මෙම ක්‍රියාවලිය ලංකාවේ නිෂ්පාදනවලට “SLS” තත්ත්ව සහතිකය ලබා ගන්නා වැනි ක්‍රියාවලියකි. “SLS” ලේබලය දුටු විට පාරිභෝගිකයාට සහතිකයක් ලෙස හැඟී යයි. එමෙන්ම කාබනික ලේබලය තිබෙන නිපැයුම් මගින්ද එම සහතිකය පාරිභෝගිකයාට ලැබෙනු ඇත. ශ්‍රී ලංකාවේද මෙම සහතික ලබාගත් නිපැයුම් කරුවන් බොහෝය. එමෙන්ම ශ්‍රී ලංකාව තුල ලාංකික පාරිභෝගිකයන්ට පමණක් අදාල වන්නා වූ සහතික ලේබලයක් සැකසීමට ලංකා කාබනික ගොවි ව්‍යාපාරය උත්සහ ගනිමින් සිටිනු ලබයි. දැනට ලෝකයේ පිලිගත් ප්‍රචලිත ලේබල් සහ සහතික නිකුත් තරන ආයතන බොහෝය. කෙසේ හෝ වේවා සහතික තත්ත්වයන්ට ගොවිපලක් දියුණු කර සහතිකය ලබා ගැනීම මිල අධික වූ කාර්යයකි.