සහතික කිරීම්, පිලිගැනීම් සහ ප‍්‍රමිති
 

කාබනික ගොවිතැනෙහි ගෝලීය ව්‍යාප්තිය සමග සහතික කිරීම්, පිලිගැනීම් හා ප‍්‍රමිතීන් ඇති වීම නිරායාසයෙන්ම සිදු වූවකි. මීට ප‍්‍රධාන හේතුව වන්නේ එදා මෙන් නොව අද කාබනික නිපැයුම් පරිභෝජනය කරනු ලබන්නේ බොහෝ දුරට ගොවිපල අසල්වාසීන් හෝ ගම් ප‍්‍රදේශයේ අය නොව ඊට පරිබාහිරව ජීවත් වන බොහෝ අයයි. එම පාරිභෝජිතයන් එකම රටක වෙනත් ප‍්‍රදේශයක හෝ විවිධ රටවල බොහෝ ප‍්‍රදේශ වල ජීවත් වන්නන්ය. නිපයන්නා හා පාරිභෝගිකයා එකිනෙකා නොහඳුනයි. එහෙයින් යම් යම් රටවල් වල ඇති පිලිගත් සංවිධාන මගින් කරන්නාවූ සහතිකය ඇත්නම් පමණක් පාරිභෝගිකයාගේ අවධානය කාබනික නිපැයුම් වෙත යොමු වෙයි. එහෙයින්ම නිපැයුම් අලෙවි කරනයට සහතික ලබා ගැනීම අත්‍යාවශ්‍යව ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017