නැව සෑදීම (දෙවන අංකය)
 

ගස් සෙවීම






බාසුන් ගුරුවත් කතාවෙලා සිට
හිමාල වනයේ යමුව බලන්නට
හිමාල වනයේ ඇවිද බලන වට
ගස් නැති කීවේ දෙන්න කතා කොට

හත් සුළු වනයට ගොසින් බලන්නේ
ඒ සුළු වනයේ ඇවිද බලන්නේ
ඒ සුළු වනයේ නැතිලු කියන්නේ
කටුසුළු වනයට ගොසින් බලන්නේ


කටුසුළු වනයේ ඇවිද බලන්නේ
ඒ සුළු වනයේ තිබුණි කියන්නේ
හල්මිල්ල ද ගහ කපමු කියන්නේ
ගුරුවා උඩළුව කපති සොදින්නේ


පරයා බඩළුව කපා දමන්නේ
අළු දෙක වෙන්කර කපති සොදින්නේ
රියන් ගණන වෙන් කර බලමින්නේ
දහඅට රියනක් මැනල කපන්නේ







කඳ පට්ටලේ තැබීම


කදේ දෙපැත්තම සැහැලා ගනිතී
පට්ටල් තනමින් කඳ උඩ තබතී
කඳ උඩ තියලා ඇද හැර බලතී
මයියන් නූල ද ගසමින් බලතී


අඟලින් අඟලට නූල් ගසන්නට
නූල් ගසා කඳ පෙරලා ගන්නට
පෙරලා ඇද හැර නූල් ගසනවට
දෙන්නා කතා වෙත් කියත ගෙනෙන්නට


කියත ගෙනත් නෙත්තිය අල්ලන්නේ
දෙන්න කතාවෙත් ඉරන ලෙසින්නේ
ටිකක් ඇදේ කැපෙනවා දැන ගන්නේ
ඒකත් ඇද හැර නූල් ගසන්නේ

කඳ නොසෙලෙන්නට පතුරු තියන්නේ
ඉහළ පහළ ගන්න කලට කුණක් කැපෙන්නේ
අහල පහල ඉන්න බැරුව ගඳ විහිදෙන්නේ
යටින් ඉඳන් කපන අයගෙ කටේ වැටෙන්නේ


එම විට පැනලා වඩුවා අහකට
උඩින් ඉදන් මට යසට ඉරන්නට
ගුරුවා එම විට යටින් ඉරන්නට
වඩුවා එම විට උඩින් ඉරන්නට


නැවට ලෑලි වෙන වෙන ම ඉරන්නේ
මුදුන් කුඹේ වෙන් කරලා ඉරන්නේ
නැවට රෝද වෙන වෙනම ඉරන්නේ
දෙන්නා ඉදගෙන මෙලෙස ඉරන්නේ

කුඹ තුන කපලා ඒ සොද රුවකට

කුඹ තුන කපලා ඒ සොද රුවකට
පතු දෙක හා වෙච්චි තැනදි සැරෙන් කැපෙන කොට
කද මැද්දට කැපු මුත් ළං වෙන කොට
හතට කියත කැඩුණි කැපුම තීන්දු වෙත කොට

ලැලිත් කුඹ තුන කපලා සොදිනේ
ලෑලි ඉරා වැඩ නුමකර ගන්නේ
ලී බඩු මුහුදට ළංකර ගන්නේ
පලීරෝද වඩුවට පවසා ලන්නේ


මෙහෙම කලක් සිට නිකම්ම ඉඳලා
ටිකක් වත් ම මට මුදලක් දීලා
හාමිනේට කලිසම ගෙන දීලා
බාස්ට කම්බා අරගෙන දීලා

(c) Shilpa Sayura Foundation 2006-2017