නිපැයුම් සැකසීමේදී සියයට සියයක්ම කාබනික බව ආරක්‍ෂා කර ගැනීම වගා කරුවාගේ හා සකසන්නාගේ වගකීමයි. පහත ලෙස නිපැයුම් සකසා ගැනීමට ඉඩ ප‍්‍රස්ථාව ඇත.
1. කුඩු කිරීම්, ඇඹරීම් හා මිශ‍්‍ර කිරීම් කල හැකිය.
2. අවශ්‍ය නම් පැසීමේ ක‍්‍රියාවලියන්ට භාජනය කල හැකිය.
3. නිස්සාරණය කර ගන්නේ නම් භාවිතා කල යුතු වන්නේ ජලය, ඊතයිල් මධ්‍යසාරය හා අවසර ඇති තෙල් වර්ග භාවිතයෙන් පමණි.
4. දුම් ගැස්සවීම කල හැකිය.
5. විකිරණ හෝ ක්‍ෂුද්‍ර තරංග භාවිතය නොකල යුතුය.
6. ඉඩ දී ඇත්නම් පමණක් ලවණ, විටමින, ඛනිජ අවසර ඇති ප‍්‍රමාණ වලින් හා ක‍්‍රම වලින් සම්බන්ධ කර ගත හැකිය.
7. නිපැයුම් වලට එකතු කරන යමක් වේ නම් ඒවාද කාබනික විය යුතුය. එසේත් නැත්නම් අවශ්‍ය නම් පමණක් පාවිච්චියට අවසර දී ඇති ඒවා විය යුතුය.