නිපැයුම් ගබඩාකරණය හා ප‍්‍රවාහනය
 

සාමාන්‍යයෙන් කෘෂි නිපැයුම් ගබඩාකරණය හා ප‍්‍රවාහණය 15 කොටසෙහි මනාව දක්වා ඇති හෙයින් මෙහිදී සටහන් කරනුයේ විශේෂ අවස්ථාවන් පමණි. කාබනික නිපැයුම් ගබඩාකරණයේදී සහ ප‍්‍රවාහණයේදී අවධානය යොමු කල යුතු කරුණු රාශියකි. මේවා අතර අනෙක් ක‍්‍රම වලට ලබාගත් නිපැයුම් සඳහා 21.6 කොටසේ දක්වා ඇති දේද යම් යම් ප‍්‍රමාණ වලට වලංගුය. කෙසේ හෝ වේවා විශේෂිත අවධානය යොමු කල යුත්තේ පහත සඳහන් කරුණු වලටය. මේවායේ අභිප‍්‍රාය පාරිභෝගිකයාට අවුලක් සහ අවිශ්වාසයක් ඇති නොවන සේ නිපැයුම් ලබා දීමයි.


1. කාබනික නොවන නිපැයුම් සමග කිසි විටෙකත් මිශ‍්‍ර නොකල යුතුය. එමෙන්ම එකට ගබඩා නොකෙරිය යුතුය.
2. නිපැයුම් වෙන යම් ද්‍රව්‍ය, රසායන හෝ නිපැයුම් වලින් දූෂිත නොවිය යුතුය.
3. අවසාන ලේබලය යොදන තුරු හඳුනා ගත හැකි වන ලෙස පරිහරණය කල යුතුය.
4. ගබඩා පෙදෙස් අතිශයින්ම පිරිසිදු විය යුතුය.
5. අවශ්‍ය නම් සීත ගබඩාකරණය, වායු ගබඩාකරණය කල හැකිය. ධූම කරණය කල යුත්තේ අවරය ඇති වායු වලින් පමණි.
6. ප‍්‍රවාහණය විශේෂිතව කල යුතුය වෙනත් දෑ හා මිශ‍්‍ර වීමට ඉඩ නොහරිමින්.

(c) Shilpa Sayura Foundation 2006-2017