මෙය කාබනික ගොවිතැනෙහි ප‍්‍රධානතම වූ අත්‍යවශ්‍ය අංගයකි. කාබනික ද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණයේදී සතුන් දක්වන සහය ඉමහත් වේ. එමෙන්ම මෙවන් දෑ සෑම පාරම්පරික ගොවිතැන් ක‍්‍රමයකම අංගයක් විය. කෙසේ නමුත් සත්ව ඒකාබද්ධය සත්ව සංඛ්‍යාව වැඩිකර ගැනීමටම නොවේ. සත්ත්ව අපද්‍රව්‍ය ගොවිපලෙහිදී පොහොරක් ලෙසද, ජීව වායු ඒකකය සඳහාද කොම්පෝස්ට් සෑදීමේදීද උපයෝගි කරගනු ලබයි. බිත්තර, මස්, කිරි වැනි නිපැයුම් සෞඛ්‍ය සම්පන්න ආහාරද වනු ඇත.
කාබනික ගොවිතැනෙහිදී ගොවිපල සත්වයින්ගේ සුබසාධනය මනාව තහවුරු කර ගත යුතුය. හැකි පමණ නිදහසේ දිවි ගෙවන්නට හැරිය යුතුය. ස්වාභාවික ජීවන තත්ත්ව සපයා දිය යුතුය. සත්ත්ව ගහණය අන් සතුන්ට හිරිහැරයක් නොවන සේ පාලනය කර ගත යුතුය. කාබනික ආහාර පමණක් ලබා දිය යුතුය. සකස් කල කෘතිම ආහාර නොදිය යුතුය. ස්වභාවික බෙහෙත් වර්ග ලබා දිය යුතුය. බැරිම වූ අවස්ථාවක අන් බෙහෙත් වර්ග පාවිච්චි කල හැකිය. හෝමෝන, වර්ධන රසායන ආදිය කෘතිම ආකාරයේ නොදිය යුතුය. කාබනික ගොවිපලකින්ම සතුන් ලබා ගත යුතුය. ජාන තාක්‍ෂණ සතුන් ගොවිපලට ඒකාබද්ධ නොකර ගත යුතුය. මීට අමතරව අවශ්‍ය වන්නාවූ සත්ත්ව මඩු, කලමනාකරණය ආදී දේ ගැන විස්තර 7 හා 14 යන පරිච්ෙඡ්ද වල දක්වා ඇත. සතුන්ට ආහාර සැපයීමේදී උන්ගේ අවශ්‍යතාවයන් ගැන වෙන වෙනම සලකා බලා තුලිත වන ලෙස ලබා දිය යුතුය. එනිසාම තම ගොවිපලෙහි කොටසක හෝ තැන් තැන්වල සත්ව ආහාරයට සුදුසු පැලෑටි වර්ගද ස්ථාපනය කර ගැනීම ස්වයංපෝෂණය සඳහා මනා පිටුවහලක් වනු ඇත. බෝග ගැන පමණක්ම අවධානය යොමු නොකල යුතුය.