පලිබෝධ හා රෝග පාලනය
 

භෝග වලට වින කරන පලිබෝධකයින් ගොවිතැන් ක‍්‍රමය වෙනස් වූවාට වෙනස් වන්නේ නැත. පලිබෝධ සහ රෝග ගැන 12 පරිච්ඡේදයෙහි සවිස්තරාත්මකව දක්වා ඇත. පාලන ක‍්‍රමයන් ගැනද විස්තර කොට ඇත.

නමුත් කාබනික වගාවේදී පලිබෝධ පාලනය සඳහා කෘතිම රසායනයන් කොහෙත්ම යොදා නොගත යුතු අතර පලිබෝධ සතුන් සෑම විටම ජෛව පාලනය හෝ අතින් ඉවත් කිරීම හෝ ශාඛ නිස්සාරන භාවිතයෙන් කල යුතුය. මේ සියල්ල ස්වාභාවික ක‍්‍රම ලෙස සලකන්නට පුළුවන. මෙවන් ක‍්‍රම අතරට පහත සඳහන් දේ අඩංගු වෙයි.


1. තෝරා බේරා ගත් ප‍්‍රතිරෝධී භෝග වර්ග වගා කිරීම
2. සුපිරිසිදු බීජ සහ රෝපණ ද්‍රව්‍ය තෝරා භාවිතයට ගැනීම
3. උචිත අන්‍යොන්‍ය ජීව පාලනයක් ඇතිවන සේ වගා පද්ධති යෙදීම
4. තුලිත පොහොර භාවිතය උපයෝගි කර ගැනීම
5. මනා ජල පාලනයක් තුලින් උචිත තෙත බවක් තබා ගැනීම
6. ස්වාභාවික පලිබෝධ සතුරන් වන සතුන් රැුක ගැනීම හා ගහණයන් වැඩි කර ගැනීම
7. මනා වගා කාලයක් හා වගා අවකාශයක් තෝරා ගැනීම
8. ලෙඩ වූ පැලෑටි තෝරා ඉවත් කිරීම
9. බීජ වග_ ස්වාභාවික නිස්සාරණ වල දමා සකසා ගැනීම
10. ස්වාභාවික පලිබෝධ නාශක ද්‍රව්‍ය භාවිතය කිරීම, විශේෂයෙන්ම තෝරා ගත් ශාඛ සාර මගින්
11. උගුල් ඇටවීම සහ අතින් ඉවත් කිරීම