සොකරි
ලාංකීය ගැමි නාටක ඉතිහාසයේ පළමුවෙන්ම එළිදක්‌වන ලද නාටක වර්ග දෙක වන්නේ සොකරි සහ කොලම් යන නාට්‍ය දෙක වේ.
සොකරි ගැමි නටකය සශීකත්වය අරබයා ගැමි ජනතාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන්නකි. පළමු වරට උඩරට ප්‍රදේශයෙන් පටන් ගත් මෙය පසුව එක් එක් ප්‍රදේශවලට ව්‍යාප්තව ඇත.
ගොයම් කපා අස්‌වැන්න හෙට හෙන හිස් වන කමත රංග භූමිය ලෙස යොදා ගනිමින් විවේක සුවයෙන් පසුවන ගැමියා සෙකරි රඟ දැක්‌වූ බව කියති.
සොකරි නාට්‍ය හාස්‍ය දැනවීම සඳහා විශේෂයෙන් රචිත කතාංගයන්ගෙන් සමන්විත වේ. ගුරු හාමි, සොකරි, පරයා, වෙදා, කපුරාල ,හෙට්‌ටියා, වඩුවා (නාච්චලේ), ප්‍රධාන ගායකයා (ගුරුන්නාන්සේ) ඇතුළු ගායක කණ්‌ඩායම සොකරි නාටකයේ ප්‍රධාන චරිත අතර වෙති.