නැව හැදීමට වඩුවෙකු සෙවීම
නැවක් තනමු වඩුවන්ට කියාලා
නැවට ලෑලි වෙන වෙන ම ඉරාලා
වඩුවෙක් ගෙන්නා අසමු කියාලා
වඩුවෙක් සොයනට පරයට කියලා
බාස්ගේ විස්තරය
බාසුන්නැහෙ දැන් මොකද කරන්නේ
නැවක් තනාලා අපට දියන්නේ
ආවුද තල ටික වේයො කන්නේ
මිටි විතරක් ඇත කොහොම කරන්නේ
කම්මලක් සොයාගත් පසු
ගුරුන්නාන්සේ වෙන්ට පිහිට ඕනෑ ඉන් මට
යන්ට උනිය හනිකට මට දැන් වඩුකමකට
ඇන්න යන්න ආවුද නැත මිටි විතරයි මට
දෙන්ට ඕනෑ ආවුද ටික තලලා හරියට
තමුසෙගෙ වැඩ ටික කරන්ට ගෑනී වූ මට
හම්පෑගුම් පුරුදු නැතිව කෙසේ කරන්නට
අඩු මිටියයි කිනිහිරයයි තිබෙන්නෙ මා හට
අඟුරු කොක්ක සොයලා ගති පත්තුල සුරතට
(නාච්චිරේගේ කවි)
කන්ද උසයි තනි ගෙදරයි නාච්චිරේ
අඟුල ඇරෙයි දොර නෑරෙයි සූත්තරේ
හේවා කමට ගිය නයිදෙන නාච්චිරේ
දොර ඇරපන් මගෙ නාමල් නාච්චියේ
නාච්චිරේ එලිබැහැපන් මගෙ මේ වචනෙට
කී සැටියේ කොහොම කී ද ගෑනි නුඹ මට
සාත්තරේ දන්නෙ නැතිව කීවේ නුඹ හට
තරහ නොවී හන්ගොල්ලන් යකඩ ඉදෙන්නට
අඟුල ඇරෙයි දොර නෑරෙයි සූත්තරේ
හේවා කමට ගිය නයිදෙන නාච්චිරේ
දොර ඇරපන් මගෙ නාමල් නාච්චියේ
නාච්චිරේ එලිබැහැපන් මගෙ මේ වචනෙට
කී සැටියේ කොහොම කී ද ගෑනි නුඹ මට
සාත්තරේ දන්නෙ නැතිව කීවේ නුඹ හට
තරහ නොවී හන්ගොල්ලන් යකඩ ඉදෙන්නට
අද තිස්සේ කීව නුමුත් හිතට නොගත් කට
පිට උස්නේ ඉඳන අදින් හම සුරුවම කට
අගුරු කොක්ක ගෙන සුරතට සූරුහන් කෙරුමට
ගුරුන්නාන්සේ ඉඳන තලයි අමුවෙන් යකඩෙට
පිට උස්නේ ඉඳන අදින් හම සුරුවම කට
අගුරු කොක්ක ගෙන සුරතට සූරුහන් කෙරුමට
ගුරුන්නාන්සේ ඉඳන තලයි අමුවෙන් යකඩෙට
යකඩ ඉදීලා ගිනිමල් විහිදීලා
අඬුවෙන් අල්ලා කිනිහිරේ තබාලා
උනුහුන්නු යකඩේ ලිපේ දමාලා
දෙන්නෙක් කුළු ගසමින් තෙපලාලා
අඬුවෙන් අල්ලා කිනිහිරේ තබාලා
උනුහුන්නු යකඩේ ලිපේ දමාලා
දෙන්නෙක් කුළු ගසමින් තෙපලාලා
සැත්තරේ ලෝකේ පවතිනවා
ගෝත්තරේ කවි ගොතලා කියනවා
නාච්චිරේ ඉඳ හන් හොල්ලනවා
ගෝත්තරේ වැඩ නිම කර දෙනවා
ගෝත්තරේ කවි ගොතලා කියනවා
නාච්චිරේ ඉඳ හන් හොල්ලනවා
ගෝත්තරේ වැඩ නිම කර දෙනවා
ආවුද අඬු දඬු අල්ලා ගනිතී
හතර පීරු ගෙන ගාලා ගනිතී
උස්තැන් ගාලා ඔරුවේ දමතී
පීරී ගගා වැඩ නිමකර ලා දෙතී
හතර පීරු ගෙන ගාලා ගනිතී
උස්තැන් ගාලා ඔරුවේ දමතී
පීරී ගගා වැඩ නිමකර ලා දෙතී