ලක්ෂ වටින මේ සොකරිගෙ කනට තෝඩු කොයි
ලක්ෂ වටින මේ සොකරිගෙ හිසට සවරි කොයි
ලක්ෂ වටින මේ සොකරිගෙ කොණ්ඩෙ කූරු කොයි
ලක්ෂ වටින මේ සොකරිගෙ බඳට හැට්ට කොයි
ලක්ෂ වටින මේ සොකරිගෙ පයට ගිගිරි කොයි
ලක්ෂ වටින මේ සොකරිගෙ අතට වළලු කොයි
ලක්ෂ වටින මේ සොකරිගෙ ඇඟිලි එමුදු කොයි
ලක්ෂ වටින මේ සොකරිගෙ අතට ලේන්සු කොයි
කනට තෝඩු තනවා කන ලාගන්
හිසට සවරි ගෙන ලා හිස බැඳගන්
හිසට කූරු තනවා හිස ගහගන්
බදට හැට්ට මස්වා බද ලාගන්
පයට ගිගිරි තනවා පය ලා ගන්
අතට වළලු තනවා අත ලා ගන්
ඇඟිලි එමුදු තනවා අත ලා ගන්
අතට ලේන්සුගෙන අතේ තබා ගන්
පන්සියයක් වටිනා ගන රන් දුනු ලා
පෙම්බර සවනත තෝඩු තියා ලා
මන් පිනවන රුසිරෙන් සැරසී ලා
රන් රුව ලෙස ලද ලිය එලි බැස ලා
මොකක් ද පෙර කළ අකුසල් කරුමෙද
සකක් පිඹින මට සරිළු මේ ලද
දුකක් වැදුනි ඉවසනු බැරි සොරිගද
අකක් වරද නො ගනින් මගෙ පියොබද
සිංහල දේසෙට යමුව කියන්නේ
අපහට ඉන් පල ලැබෙයි කියන්නේ
අන් බල සෙනගක් ලැබෙයි කියන්නේ
සිංහලේට යන මාරු අසන්නේ
එන්නට ගුරුවා නිති සැරසීලා
ගන්නට නිසි දේ ගෙන පොදි බැඳලා
එන්නට තම සොකරිය කැඳවාලා
දෙන්නට පඬුරුත් දෙවිඳුට යැදලා
බැඳපි ගොජරි ලබු ගෙඩියක් කොනකට
දෙමින් ළගට අඬගහ තම පරයට
රැගෙන වස්තු බැඳ ගති පිට පොදියට
බත බුලතින් රස බොජුන් කවා ගෙන
පව්පින් අරවා උන්නේ වෙන වෙන
සිංහල දේසෙට එන්නට නික්මුන
පොන්නඩි පොලයුරු කෝසල දේසේ
සන්නසි උරුමුසු දෙනුවර දේසේ
නන්දැන සොලිරට දැක එති මෙලෙසේ
ඔලොන්ගුවට පිට පොදියක් බැඳ ගෙන
ඉනන්ගුවට ලඳ ඉස්සර කර ගෙන
කිනම් රටක යනවද තොපි තුන් දෙන
මෙලක් දිවට එන මරු අසාලා
ඇවිත් එතන් දෙන සමුදුර දැකලා
නැවක් නැතුව අපි කෙසේ ද කියලා