පෙර සම්මතේ දී
වනන් අට බෙදී
දේස දහ අටේ දී
කාසී දේසේ නමින් සුසැදී
කුලඟනක් වසයෙන්
සැදී පවතින උන්ගෙන්
ආඬිගුරු නාමෙන්
සිටිය ගුරුවෙක් පළමුවේ දින්
මහගුරුගෙ වලියෙන්
පැවත ගෙන ආවයින්
ඒ ගුරුගෙ නාමෙන්
සිටිය ගුරුවගෙ මුනුබුරාණන්
දිල්ලි රට උන්නේ
සිල්ප නැටුමුත් දන්නේ
ගොල්ල අඬින්නේ
සෙල්ලමෙන් ම ය උන් රැකෙන්නේ
නුවරට නුදුරුවෙන්
සැදුනේ එතැන්හි පටුගන්
ඒ ගම්වල සොදින්
සිටිය ජනයෝ වර්ග වසයෙන්
ගුරුවට රුති ලෙසින
අඟනක් සොයා ගනිමින
සොකරිය කියා ගන
නමක් පවසති ඈට මෙලෙසින
අත මෙහෙවර සැදී
ගති පරයකුත් මිලදී
රුති ලෙසට ම ඉඳී
නැතිව කන්නට දෙයක් ඇවිදී
සරණ ගත් එමදා
සිට ම දෙදෙන ම පැහැදා
රසමුසු බස් යොදා
යමුව කීවේ මෙරට නොරදා
ගුරුහාමි එබසට
යමුව කීවේ සිංහලයට
සොකරි ලඳ එබසට
සතුටු වී සිත ගමන යන්නට
යමුව කීවේ සිංහලයට
සොකරි ලඳ එබසට
සතුටු වී සිත ගමන යන්නට
ඊට බඩු සපයා
කෑමට මුදල් උපයා
ගෙනියන්ට පරයා
කුඩුකරගති බරට සපයා
කෑමට මුදල් උපයා
ගෙනියන්ට පරයා
කුඩුකරගති බරට සපයා
කන්ට දේ නිසි කොට
ගන්ට කීවේ මුං ඈට
එන්ට සිංහලයට
ගන්ට නිසි දේ කීය පරයට
ගන්ට කීවේ මුං ඈට
එන්ට සිංහලයට
ගන්ට නිසි දේ කීය පරයට
එදා පෙර පටුනේ
නැණැති කිවිදත් පමනේ
මගෙ සිත සතුටිනේ
කියමි කවිකර ගුරුගෙ හටනේ
නැණැති කිවිදත් පමනේ
මගෙ සිත සතුටිනේ
කියමි කවිකර ගුරුගෙ හටනේ
දුලා වඩන රුසිරෙන් ගවසාලා
කලා පිලා නො කරන් රවටාලා
මෙලාගයෙන් දෙවියන් හට වැඳලා
බලා එවිට සුබ මොහොත් යොදාලා
කලා පිලා නො කරන් රවටාලා
මෙලාගයෙන් දෙවියන් හට වැඳලා
බලා එවිට සුබ මොහොත් යොදාලා
සමන් සුරිඳුගෙන් වරමුත් ලැබ ගෙන
ඉතින් කතරගම දෙවියන් වැඳ ගෙන
සොදින් මෙකවි කියනා සැම දෙන
රකින් පතිනි දෙවියෝ අප දින දින
බඳින පටිය හිස වට මුණ්ඩාසන
අඳින සොලොන්නරු ලාගෙන වෙන වෙන
බරණ එසුඩා වැල කරට ද ලා ගෙන
පිඹින එසක් ගෙඩියක් පිට ලා ගන
ඉතින් කතරගම දෙවියන් වැඳ ගෙන
සොදින් මෙකවි කියනා සැම දෙන
රකින් පතිනි දෙවියෝ අප දින දින
බඳින පටිය හිස වට මුණ්ඩාසන
අඳින සොලොන්නරු ලාගෙන වෙන වෙන
බරණ එසුඩා වැල කරට ද ලා ගෙන
පිඹින එසක් ගෙඩියක් පිට ලා ගන
වමත සුරත නලලේ අළු ගාගෙන
දෑස දෙබැම්මත් තෝරුද ගාගෙන
සිරිත ලෙසට ගඩුගුඩාව අරගෙන
ගනිති නිමිති පොත අතකට අරගෙන
සවන් දෙකට මුද්දා ඇට පබළු
පවන් පතක බැඳලා දිවි සමළු
ගමන් යන්ට කන්සා සැරමිටිළු
සමන් කතරගම දෙවි අදහාළු
දෑස දෙබැම්මත් තෝරුද ගාගෙන
සිරිත ලෙසට ගඩුගුඩාව අරගෙන
ගනිති නිමිති පොත අතකට අරගෙන
සවන් දෙකට මුද්දා ඇට පබළු
පවන් පතක බැඳලා දිවි සමළු
ගමන් යන්ට කන්සා සැරමිටිළු
සමන් කතරගම දෙවි අදහාළු
අඳිනා සේලේ රැලි අල්ලා වට
බඳිනා වරල පීරා ලේඩිති කැට
සොඳින මෙගුරුවා ඇවිදින් ළඟ සිට
ඉඳිනා ගුරුවා දැක ලීලාවට
බඳිනා වරල පීරා ලේඩිති කැට
සොඳින මෙගුරුවා ඇවිදින් ළඟ සිට
ඉඳිනා ගුරුවා දැක ලීලාවට
මුදාපුවම හිස ලේඩිති වැගිරී
හිනාපුවම දත ගුමැලි ඉතිරී
මුදාපුවම වත ඉනිකුනු දඟරී
මනාපවලු ගුරුවට මේ සොකරී
හිනාපුවම දත ගුමැලි ඉතිරී
මුදාපුවම වත ඉනිකුනු දඟරී
මනාපවලු ගුරුවට මේ සොකරී
තදින් හඬින් බස් පවසයි ගුරුවා
යොදුන් ගණන් මට යන්නට බැරුවා
මුදුන් අතින් අල්ලා තම ඔලුවා
ඇදුන් බැදුන් මට කොයි දැයි ගුරුවා
දහස් වටින මිනි බරණ පලන්දා
මමත් ටිකිරි දා සිට කල් බැන්දා
එහෙත් මෙනුඹ මන් ආවට කැන්දා
තවත් මෙනුඹ මට නොකරන් නින්දා
යොදුන් ගණන් මට යන්නට බැරුවා
මුදුන් අතින් අල්ලා තම ඔලුවා
ඇදුන් බැදුන් මට කොයි දැයි ගුරුවා
දහස් වටින මිනි බරණ පලන්දා
මමත් ටිකිරි දා සිට කල් බැන්දා
එහෙත් මෙනුඹ මන් ආවට කැන්දා
තවත් මෙනුඹ මට නොකරන් නින්දා
වෙහෙස වෙලා හිස ගලවා ගත්තේ
දහස් වටින සළුවක් ඇර ගත්තේ
මෙලෙස කලේ මට ලද නොකැමැත්තේ
සරොස නො වන් සොකරිය මින් මත්තේ
දහස් වටින සළුවක් ඇර ගත්තේ
මෙලෙස කලේ මට ලද නොකැමැත්තේ
සරොස නො වන් සොකරිය මින් මත්තේ
කනට කුරු තනවා කන ලාගන්
ඉනට සේල මස්වා ඉන බැඳගන්
බඳට හැට්ට මස්වා බඳ ලා ගන්
නුඹට මුදල් දෙන්නම් බඩු අරගන්
ඉනට සේල මස්වා ඉන බැඳගන්
බඳට හැට්ට මස්වා බඳ ලා ගන්
නුඹට මුදල් දෙන්නම් බඩු අරගන්