ගුරුවාගේ විස්තරය (දෙවන කොටස)
 

එනුවර සිටිනා සෙනඟ සියල්ලේ
වීදි පතිනි සැම ලීනිය ගොල්ලේ
රූබර සිරි පිරි ඒ රට බැබලේ
නුවර කියන් විසිතුරු මංගල්ලේ


දෙකන තොඩුක්කන් රන් මිටි බරිනා
වැලක පිපුන මල් සේ ලද සිටිනා
මලක බමරු සේ ලද වට සිටිනා
කලක සිටන් සරණෙට කල් බැඳුනා


ජාතිය පැතුවා ඒ ලද සොබනා
ජාතිය යන සිදු සැම කල් නොදැනා
නීතිය බලමින් සැම කල් නොදැනා
දිල්ලිය පුරයෙන් ගෙන ආ සරනා


පතිනි දෙවිඳු හට නැතක් කියාලා
සිංහල පුරයේ සෙල්ලම් කරලා
සමනල යන මග පාර අසාලා
මුරකරු හට මුර නග පවසාලා


කාසි මෙ දේසේ ගුරුව උපන්නේ
දිල්ලිය දේසේ සොකරි උපන්නේ
බන්ගලි දේසේ පරය උපන්නේ
තුන් දෙන තුන් දේසේ උපදින්නේ


පන් සියක් වටි ගන රන් දුහු ලද
රන් පැ සවනත තෝඩු ද ලා සොඳ
පුන් සඳ වටිනා මාල දමා සොඳ
පෙම්බර රුසිරෙන් සිටිති සොකරි ලඳ


වරේ කරපු අත වලලු දැලක් සේ
කරේ බැඳපු යස පබළු වැලක් සේ
උරේ සළුව ගෙන පොරවාලා සේ
පුරේ මෙහෙම අඟනක් නැත මෙලෙසේ


එකලා සළුබරණින් සර සාලා
දැකලා සුබ මොහොතක් බලවාලා
මෙකලා සිට සුබ කාරය බැඳලා
මෙකලා සිට සුබකාර පතාලා


ගිලන් නොවී ගුරුවා සොඳ වයසින
නලන් ගුවට දිල්ලිය පුරයෙන් ගෙන
බලන් ඉන්ට බෑ මට සිටිනා ලස්සන
කියන් මදක් සොකරියගේ ලක්ෂන


පන්සියයක් වටී ගන රන් දුහුලා
රන් පෑ සවනත තෝඩු දමාලා
මන් පිනවන රුසිරෙන් සැරසීලා
පුන් සඳලෙස ලඳ ලිය එළි බැසලා


අඳිති ඉඟට සේලේ රැලි අල්ලා වට
බඳිති වරල පීරා ලේඩිති කැට
ලසින් වළලු අත ලාපු සුබාවට
සිටිති සොකරි ලඳ ගෑනු නුරාවට


කනේ තියන කොල එකකුගෙ බර ඇති
වනේ ලෙසට ඇස කඳුළු පුරාගති
තනේ වඩා මෙන් තුන් රියනක් ඇති
අනේ මෙහෙම අඟනක් කොතනත් නැති


මලේ රොනට එන වැනි මී මැස්සෝ
ගොඳුරු සොයා කන වැනි කුඩ මස්සෝ
කලේ ලෙසට බඩ නෙරාන ගත් සේ
බලේ බලන් සොකරිගේ දස්සේ

ඒ ලෙස උනමුත් ලඳ බොල බාලේ
සොයාපු උන් හැර යනු බැරි රාලේ
ලයා පැලෙයි දුටුවෝතින් රාලේ
කියන මිසක් වෙන නොයන්න රාලේ

ප්‍රේත ලියගෙ ගැන දැනගෙන කාලේ
මූණ බැරිය දුටුවම ලද බාලේ
මූණ පමණ දුටුවෝතින් දෙවෙලේ
යානු බැරිය සිටිනවා මේ කාලේ

මෙසේම රුව ඇති සොකරි අම්මා
විසේස යෙන් දැන් මා සිත නම්මා
තොසේ වඩන සිත ගුරුගෙත් නම්මා
යසේ මෙසිරි විඳිමින් සිට පෙම්මා

මන් බාලේ සිට ලා කල් බැන්දා
දැන් කාලේ අපි සමගි සිතින්දා
බන් ගාලේ සිට වාලෙක් කැන්දා
දුන් මේ ලෙස බඩු පරයට බන්දා


පෙම්බලයෙන් තුන්දෙන සිට විපුලා
නන්පෙර තුන්දෙන සිටිති නටාලා
නන් පෙර තුන්දෙන සිටිති බලාලා
තුන්දෙන සිංහලෙ යන්ට සිතාලා

දස්සේ කීවත් ලොව අඟනන් හට
විස්සේ ගනයට වයස පිරෙන කොට
නිසිසේ නිදි නො ලබති උන් කිසි විට
මැස්සෝ රැල එති සොකරි ලද වට


නපුරු බසක් මට නො සිතන් අපිරි
නො දැන කරපු වරදට නුඹ කුමරී
කොමල වරල පීරා බැඳ සපිරී
දෙමල නැටුම් නටමින් මගෙ කුමරී


පහත්තියට යන්නට ඇගෙ ආසා
අහත්තියට බීලා රා කන්සා
දවස් බලා ගෙන ගුරුවා යස ලෙසා
මොහොතක් සුබ බලමින් ගුරුවා සා

(c) Shilpa Sayura Foundation 2006-2017