නවීන කාබනික ගොවිපලක් පවත්වාගෙන යාමේදී ප්‍රධාන වූ හා අත්‍යාවශ්‍ය වූ කරුණු කාරණා කිහිපයක් සපුරා ගත යුතුය. මෙසේ කල යුත්තේ නිපැයුම් වල අවසන් පාරිභෝගිකයා ලොව කොතැනක සිටියත් රැවටීමකට ලක් නොකොට තබා ගන්නටය. මෙම සහතිකය පාරිභෝගිකයාට අත්‍යාවශ්‍ය වනු ඇත, විශේෂයෙන්ම අදවන් ගෝලීය විවෘත වෙලඳ පොලක් ඇති අවධියක. මෙම හේතුව මතම පැරණි කාබනික ගොවිතැනත් නූතන කාබනික ගොවිතැනත් සංකීර්ණ ලෙස එකිනෙකට වෙනස් වෙයි.
අද පවතින ගෝලීය අවශ්‍යතාවය වන්නේ IFOAM මූලික මග පෙන්වීම් වලට අනුගත වීමයි. අන් අය හෝ පාරිභෝගිකයන් සහතිකයක් මගින් ඒත්තු ගන්වන්නට වී ඇති බව සමහරුන්ට හිතට මදි වන්නටත් පුළුවන. අවංක කම ලිය කියවිලි වලින් ඔප්පු කල යුතු කාලයකි මේ. අන්‍යෝන්‍ය විශ්වාසය ප්‍රමාණවත් නොවේ, විශේෂයෙන්ම නිපැයෙන තැනත් පරිභෝජනය කෙරෙන තැනත් කිලෝ මීටර් දහස් ගනනින් වෙන්ව ඇති වීමට හැකි නිසාවෙන්. එහෙයින් ප්‍රධාන අවශ්‍යතාවයන් පිලිබඳ සටහන් මින් ඉදිරියට කියවන්නට ලැබෙනු ඇත. කාබනික වගා කරුවා මේවා දැනගත යුතුමය. නැතිනම් තම නිපැයුම වෙළඳ පොලට එන විට පසු තැවිලි වන්නටද සිදුවිය හැකිය. වෙළඳ පොලට එන්නට අදහසක් නැත්නම් එය වෙනම කාරණයකි.