09 කොටස
 

සුරුටිටු බීමට පිරිය නොවන්නේ
දුම්කොළ හැපුමට පුරුදු නොවන්නේ
බුලත් විකීමට සතුටු නොවන්නේ
මේ ගති හැදුමට නොහොබි සිතන්නේ

සුරුට්‌ටු බීමට (දුම්බීමට) පුරුදු නො වන්න. දුම්කොළ හැපීමට පුරුදු නො වන්න. බුලත් හැපීමට සතුට ඇති නො කරන්න. මේ පුරුදු යහපත් ව හැදෙන අය හට නුසුදුසු යැයි සිතන්න.

කෑමට කෑදරකම් නොකරන්නේ
තවමට කියන් කෑ නොගසන්නේ
තරහට කෑමක්‌ රිසි නොකරන්නේ
එළිපිට හිටගෙන කෑම නොකන්නේ

කෑම බීමවලට කෑදර කම් නොකරන්න. මට තවත් දෙන්නැයි ඉල්ලා කෑ නො ගසන්න. තරහෙන් කෑම විසි නො කරන්න. එළිපත්තේ සිටගෙන ආහාර නො ගන්න.

කෑමට අත දමන් නොමගන්නේ
කනවිට කැත ලෙසත් නොගසන්නේ
කිසිවිට අන් කෑම නොගන්නේ
හැමවිට සතුටින් ඉඳ කාපන්නේ

කෑම භාජනයට අත දා යමක්‌ නොම ගන්න. කෑම කනවිට පහත් ලෙස තලු නො ගසන්න. කිසිදු විටක හන් ආහාර නො ගන්න. හැම විට ම සතුටින් හිඳගෙන ආහාර ගන්න.

ආප්ප කැවුමත් ණයට නොගන්නේ
අරගෙන කමිනුත් පාරෙ නොයන්නේ
පිළිකුල් සිතුනොත් කෑම නොකන්නේ
රසයක්‌ ලැබුණොත් තනිව නොකන්නේ

ආප්ප කැවම් ආදිය ණයට නො ගන්න. රැගෙන කන් පාරෙ නො යන්න. පිළිකුලක්‌ සිතුණොත් කෑම නො ගන්න. එස දෙයක්‌ ලැබුණ හොත් එය තනි ව නො කන්න.

වතුරට මලමූ රිසි නොකරන්නේ
අතකට සෝදා ගෙයි නොදමන්නේ
තෙමෙන්ට අතැඟිලි බනෙහි වන්නේ
බීමට යමෙකුට වතුර නොදෙන්නේ

මල මුත්‍ර ජලයට විසි නො කරන්න. අත කට සෝදා ගෙතුළ නො දමන්න. අතෙහිඇඟිලි බදුනෙහි යෙන් තෙමෙන ලෙස භාජනය අල්ලා කෙනෙකුට බීමට වතුර නො දෙන්න.

යකෝ යන බස්‌ නොහොබි සිතන්නේ
ඌ මූ යන බස්‌ කැතැයි අසන්නේ
තෝ බොල යන බස්‌ දුරු කරපන්නේ
පිරිය වඩන බස්‌ පවසාපන්නේ

යකෝ (ය) යන වචන නුසදුසු ඒවා බව සිත්නන. ඌ මූ යන වචන ද කැත වචන යැයි පිළිගන්න. තෝ බොල යන වචන බැහැර කරන්න. ප්‍රිය උපදවන වචන කතා කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017