යෙදවුම් නැවත භාවිතයේදී හා ප්‍රතිචක්‍රීකරණයේදී වඩාත්ම එල්ල කර ගනුයේ පැලෑටි පෝෂණය හා පාංශු සරු බවට අදාල සංරක්ෂණ ක්‍රියාවලියන්ය. ගොවිපලෙහි බිහිවන නොයෙක් කාබනික ද්‍රව්‍යයන් ඇත. ඒවා කොල වර්ග, වියලි කොල රොඩු, සත්ත්ව මූත්‍රා හා වසුරු, අස්වනු අපද්‍රව්‍ය ආදියයි. මේවා පෝෂකයන්ගෙන් ගහණය. පාංශු සරු බව වැඩි කරන විභවයක් සහිතය. මේවා කාබනික ගොවිපලක පොහොරයි. මේවා පසේ දිරා යනවිට පසට පෝෂක පමණක් නොව හියුමස් නම් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයද ගොඩ නැගෙයි. කාබනික ගොවියා බොහෝ විට හියුමස් මානසිකත්වයෙන් සිටිය යුතුය.
මෙම කාබනික ද්‍රව්‍යයන් කෙලින්ම හෝ කොම්පෝස්ට් බවට හරවා භාවිතයට ගන්නට පුළුවන. ඊට අමතරව මේවායෙන් ජලය සමග මුසු කොට නොයෙක් සාර ලබාගෙන ඒවා පැලෑටි පෝෂක ලෙසත්, සමහර විට හෝමෝන ලෙසත් යොදා ගන්නට පුළුවන. මේවා ගැන විස්තරාත්මක අදහස් 21.5.2.1. කොටසේ ඉදිරිපත් කර ඇත.