පරම්පරා ගණනාවක් හරහා ඉතා සාර්ථකව පැමිණ ඇති ගොවිතැන් අත්වැල් කාබනික ගොවිපලකට මුසු කර ගැනීම අතිශයින් ආස්වාදජනක ලාභදායී හා පරිසර හිතකාමී වනු ඇත, පැරැන්නන්ගේ ක්‍රම නිබඳව පරිසර සංරක්ෂණය කේන්ද්‍ර කොට ගෙන ඇති නිසාවෙන්. විද්‍යානුකූලව සියයට සියයක් ඔප්පු කර පෙන්වන්නට නොහැකි වුවත් ප්‍රථිඵල වල සාර්ථකත්වයන් අත්විඳින්නට හැකිවන නිසා මේවා මුසු කර ගැන්ම වැදගත්ය.
එමෙන්ම බෝග වගාව ගැන සලකා බැලීමේදී පාරම්පරික ප්රභේදයන් බොහෝය. ඒවා වඩාත් පරිසර තුලිත බවක් පෙන්වන හෙයින් තම ගොවිපලටද මිශ්‍ර කර ගැනීම අගය වැඩි වීමක් වනු ඇත. මෙහිදී ඉහල අස්වැන්නක් බලාපොරොත්තු වීමම ඉලක්කය නොවේ. මේවා සොබා දහම් තේරීම් වලට භාජනය වී නිරුපද්‍රිතව වැඩෙන නිසා බොහෝ ව්යාධියන්ට ප්රතිශක්තියක්ද පෙන්වයි. මෙම මුසු කිරීම් වලදී ආගමික, සංස්කෘතික හා වෙනත් කෙම් වැනි ක්‍රියාකාරකම්ද අදාලය. පැලෑටි වර්ග තෝරා ගැනීමේදී පලිබෝධයින්ට අහිතකර, පාංශු සරු බව වැඩි කරන, බෙහෙත් වර්ග සපයන, වල් පැලෑටි යටපත් කරන, පොහොර ගතිය වැඩි කරන ආදී වශයෙන් වන පැලෑටි වර්ග තෝරා ගෙන එක්තරා පිලිවෙලකට ගොවිපල තුල ස්ථානගත කිරීම කාබනික ගොවිතැන තවත් පොහොසත් කෙරෙයි.