ගුරුවා කියන්නේ කාට ද නොදැනේ
සොකරි කියන්නේ කාට ද නොදැනේ
පරය කියන්නේ කාට ද නොදැනේ
මෙතුන් දෙනා හට මෙලෙස කියන්නේ
ගුරුවා කියන්නේ පාලඟ කුමරුට
සොකරි කියන්නේ පත්තිනි දෙවිඳුට
පරයා කියන්නේ මුදලට ගත්තට
මෙතුන් දෙනා හට මෙලෙස කියන්නට
ගුරුවා උපන්නේ මොනයම් දවසේ
සොකරි උපන්නේ මොනයම් දවසේ
පරයා උපන්නේ මොනයම් දවසේ
මෙතුන් දෙනා උපනේ කොයි දවසේ
ගුරුවා උපන්නේ ගුරුදින දවසේ
සොකරි උපන්නේ සනි දින දවසේ
පරයා උපන්නේ කිවි දින දවසේ
මෙතුන් දෙනා උපනේ මෙම දවසේ
නමින් දේස රට පුරවර කාසී
පෙමින් විතර පුරවර පෙර දාසී
ලසින් අත්ම තාලම් ගී වීසී
කියන් උන්ගෙ ගුරුවාගේ දේසී
කාසි රටේ ගුරුවා දුව එන්නේ
වීසි කියා සැම තැන ඇවිදින්නේ
වීසි නැටුම් ගුරුවා නටමින්නේ
කාසි රටේ දඟ කරමින් ඉන්නේ
වීසි කියා සැම තැන ඇවිදින්නේ
වීසි නැටුම් ගුරුවා නටමින්නේ
කාසි රටේ දඟ කරමින් ඉන්නේ
පච්ච මඩම්වල කෙළ ඇවිදින්නේ
කොච්චිය රෙද්දක් අමුඩ ගසන්නේ
විත්තිය ඔහුගේ වග අහපන්නේ
වෙච්චිය දේකට මෙහෙම කියන්නේ
එල්ල ඇතුව ගොස් ඔහු රට බැහැපී
කෙල්ල සොකරිගේ ඔත්තුව අහපී
තුල්ල සිතින් ගොස් දෙවියන් වැඳපී
දිල්ලිය පුරයට යන ලෙස බැහැපී
කොච්චිය රෙද්දක් අමුඩ ගසන්නේ
විත්තිය ඔහුගේ වග අහපන්නේ
වෙච්චිය දේකට මෙහෙම කියන්නේ
එල්ල ඇතුව ගොස් ඔහු රට බැහැපී
කෙල්ල සොකරිගේ ඔත්තුව අහපී
තුල්ල සිතින් ගොස් දෙවියන් වැඳපී
දිල්ලිය පුරයට යන ලෙස බැහැපී
ගොසින් දිල්ලි රට සරණක් ඇසුවා
ගොසින් සතුට මම යමුවක් කීවා
අතින් ගෙනා රන් දම කර වැළුවා
ඉතින් දෙවව් විගසට තොප දරුවා
ගොසින් සතුට මම යමුවක් කීවා
අතින් ගෙනා රන් දම කර වැළුවා
ඉතින් දෙවව් විගසට තොප දරුවා
පවසයි මල්වර උනු දින දවසේ
නො සිටියි මේ රට කුමරිය සැපසේ
අපලයි මල්වර උනු සනි දවසේ
රට හැර යයි කිව් බමුණන් මෙලෙසේ
නො සිටියි මේ රට කුමරිය සැපසේ
අපලයි මල්වර උනු සනි දවසේ
රට හැර යයි කිව් බමුණන් මෙලෙසේ
තනා රුවට මිණි බරණ පලන්දා
උනා වරල මල් පටියෙන් බන්දා
හිනා වෙවී සිත ඔමරි සිතින්දා
මනා සිතින් සොකරිය මනන්දා
උනා වරල මල් පටියෙන් බන්දා
හිනා වෙවී සිත ඔමරි සිතින්දා
මනා සිතින් සොකරිය මනන්දා