දූෂණය අඩු කර ගැනීම
 

ඕනෑම භෝග නිෂ්පාදන ක‍්‍රමයක් තුල පරිසර දූෂණය වීමේ විභවයක් ඇත. විශේෂයෙන්ම කෘතිම පොහොර හා කෘතිම කෘෂි රසායන ඉවක් බවක් නැතිව යොදාගන්නා විටදී මෙසේ සිදු වෙයි. කාබනික ගොවිතැනෙහිදීද නොසලකා හැරීම් සිදුවුවහොත් සහ ප‍්‍රතිචක‍්‍රීකරණය කල හැකි කාබනික ද්‍රව්‍යයන් අනිසි ලෙස උපයෝගි කර ගත් විට පරිසර දූෂණයක් සිදු වන්නට පුළුවන. ගොම වැනි දෑ ජල මූලාශ‍්‍රයන්ට මිශ‍්‍ර වන්නට පුළුවන් නේද? කෙසේ හෝ වේවා කාබනික ගොවිතැනෙහි ඇති ප‍්‍රබල සීමා විසින් මෙම පාරිසරික දූෂණ විභවයන් අවම තත්ත්වයකට පත්කර ගැනීමට හැකි වී තිබෙයි. විශේෂ හේතුව වන්නේ කෘතිම කෘෂි රසායන වලට කිසිසෙිත්ම ඉඩක් ලබා නොදීමයි.


එම නිසා ඒවායේ අනිසි ප‍්‍රමාණ, අනුචිත වර්ග ආදිය ගැන කතා කරන්නට අවශ්‍ය නොවේ. කාබනික ගොවි තැනෙහි පරිසර ආරක්‍ෂාකාරී වඩාත්ම විභවයක් පසට ලබා දෙනු ලබයි. කාබනික ද්‍රව්‍ය වැඩි සරු, තිරසාර පසක් සැමවිටම වැඩි දියුණු වූ රසායන, ජීව හා භෞතික පෙරන හැකියාවන් ලබයි. මෙම පෙරන හැකියාවන්ගේ වැඩි වීම නිරායාසයෙන්ම භූගත ජලය හෝ ලිං ජලයේ දූෂණය අවම කරනු ඇත. කෙසේ හෝ කාබනික ගොවි පලෙහි කාබනික අපද්‍රව්‍යයන් ජලයට මුසු වන්නට හැරියහොත් කාබනික ගොවිතැන වුවත් පරිසරය ¥ෂණයනට සම්මාදම් සපයයි. මෙහිදී මෙවන් දෑ විශේෂයෙන්ම ගොඩ ගසා ඇති ස්ථාන වලින් සෝදාගෙන යෑම වලක්වා ගැනීම, දුර්ගන්ධ පැතිරීම ආදිය වලක්වාලන ලෙස භාවිතයේ යොදාගැනීම ආදියෙන් වලක්වා ගන්නට පුළුවන. මෙයට අමතරව තම කාබනික ගොවිපල සහතික ලබා ගත් එකක් හෝ ලබා ගන්නට බලාපොරොත්තුවෙන් සිටින්නාවූ එකක් නම් තමාගේ අසල්වැසි ගොවිපල වලින් මිශ‍්‍ර විය හැකි වන්නාවූ පරිසර ¥ෂණයට හා තම ගොවිපලට බලපාන්නාවූ දෑ වලින් වෙන් කර තබා ගන්නට උත්සහ කිරීම අත්‍යාවශ්‍යය. දූෂිත ජලය තම වගාවට යොදා නොගත යුතුය. එනිසා පරිබාහිර ජල ප‍්‍රභවයන්ගේ ගුණාත්මය ගැන නිති විමසිල්ලෙන් සිටිය යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017