පරිසරික සමතුලිතතාවය සහ තිරසාර බව
 

කාබනික වගාකරුවා ස්වාභාවික පරිසරය හා එහි චක‍්‍රයන් සමග ගැටිය යුත්තේ ජීව ගුණය වැඩි වන ආකාරයට ඉතාම පරීක්‍ෂාකාරීවය. තම ගොවිපල තුල ඇති ජීවීන්ට සහ ඔවුන්ගේ ජීවන චක‍්‍ර වලට අනිසි බලපෑම් නොවන අයුරින් වැඩ කටයුතු කල යුතුය. ජීව ගහනයට මහා ජීවීන්, ක්‍ෂුද්‍ර ජීවීන්, පාංශු ශාඛ ගහනයට අයත් කොටස්, බෝග සහ ඒකාබද්්ධ කර ගත්තාවූ ගොවිපල සතුන් ඇතුලත්ය. ප‍්‍රශස්තම තුලිත තාවය මගින් ඉතා හොඳ තිරසාර බවක් ලඟා කර ගන්නට පුළුවන විශේෂයෙන්ම පාංශු සරු බවට සම්බන්ධව.


ගොවිපලෙහි ප‍්‍රතිචක‍්‍රිකරණයට භාජනය හැකි වන්නා වූ සියළු දෑ උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගත යුතුය. මෙවන් තුලිත ක‍්‍රියාවලියක් සඳහා දූෂක ද්‍රව්‍ය ඉවත් කර ගැනීමත් සුදුසු ජලය පාවිච්චි කරමින් තමන්ට ඇති කිලිටි නොවූ ජල ප‍්‍රභවයන් විශේෂයෙන් ආරක්‍ෂාකර ගැනීමත් වටී. අන්තර් ග‍්‍රහණය කරගන්නාවූ සතුන්ට තම හැසිරීම් රටාවන් ආසන්නම ලෙස ස්වාභාවිකව පවත්වාගෙන යන්නට ඉඩ ලැබෙන ලෙස කටයුතු කිරීමද තුලිත බවෙහි කොටසක් බව අවබෝධ කර ගත යුතුය. ජාන සහ ජෛව විවිධත්වය නොපෑරෙන සේ ද අවධානයෙන් සිට වැඩ කටයුතු කිරීමට පුරුදු පුහුණු විය යුතුය. පරිසරයේ ස්වාභාවික ශාඛ සහ සත්ත්ව ගහණය ගැන අනුකම්පා සහගත විය යුතුය.

මීට අමතරව පාරම්පරිකව කරගෙන ආ ක‍්‍රියාවලියන් සම්මිශ‍්‍රණය කර ගැනීම මගින්ද පරිසර තුලිත පැත්තට වගා කරුවා ඇදෙනු ඇත. පාරම්පරික ශාඛ හා සත්ත්ව ප‍්‍රභේද රැුක ගැනීමද වැදගත්ය. තුලිත බවට තවත් වැදගත් කරුණකි. වගා කරුවාට මෙන්ම ඔහු හෝ ඇය වෙනුවෙන් භෝග වගාවේ යෙදෙන්නන්ගේ පහසුව, ආස්වාදය, සනීපාරක්‍ෂාව වැඩි වන කටයුතු ගැන අවධානය යොමු කිරීමද ඉතා වැදගත්ය, කාබනික ගොවිතැන සතුටුදායක ජීවිතයකට මග පෙන්වන්නක් නිසා. බෝග වගාවන්ට හැර ඊට නන් අයුරින් දායක කර ගන්නට හැකිවන පැලෑටි සහ ශාඛ වර්ග වගා වගා බිමේ ඇතුලත් කරගෙන ඇත්නම් තුලිත බවෙහි උපරිමය ලබා ගන්නට පුළුවන.

(c) Shilpa Sayura Foundation 2006-2017