දෙවියන් වැඳීම
 

ඈත කපට මතු පෙරුම් පුරන්නේ
දේසේ ග‍නේ තුන් ලොව පැතිරෙන්නේ
වාත බලෙන් එර්දියෙන් වඩින්නේ
නාත දෙවිඳු වැඳ අවසර ගන්නේ



ලක්ෂ ගරුඬ වාහනෙ වැඩ ඉන්නේ
රුවන් මාල දස අත විහිදෙන්නේ
ලක්ෂ ගණන් දෙවිපිරිවර ඉන්නේ
විෂ්ණු දෙවිඳු වැඳ අවසර ගන්නේ

විමන් දහස් සක්වල වැඩ ඉන්නේ
ගුවන් තලේ එර්දියෙන් වඩින්නේ
රුවන් බරණ දස අත විහිදෙන්නේ
සමන් දෙවිඳු වැඳ අවසර ගන්නේ


අඳුන්ගිරිය පර්වතෙ වැඩ ඉන්නේ
ගලපිට මඩකර ඇල් වපුරන්නේ
බුදුන්ට දන් දී නිවන් පතන්නේ
පතිනි දෙවිඳු වැඳ අවසර ගන්නේ

 

සමන් දෙවිඳුගෙන් වරමුත් ලැබ ගෙන
නමින් කතරගම දෙවියන් වැඳගෙන
මෙමන් කියන කවි පද සැම අසමින
රකින් පතිනි දෙවියෝ අප දින දින


වගේ නොදැන අපි මේ රට ඉන්නේ
දගේ කියාලයි අපි ගෙන්නන්නේ
බලේ දැනුනි මේ සිංහල ඉන්නේ
සබේ සෑම දෙන අවසර දෙන්නේ


සතර වරන් සැම දෙවියන් වැඳගෙන
දිනෙන් මෙසියලුම දෙවියන් වැඳගෙන
මාත් සපිරි සැම දෙවියන් වැඳගෙන
කියන් මෙලෙස ගුරු වගෙ කවි වෙන වෙන

(c) Shilpa Sayura Foundation 2006-2017