වරන් කවි
 

වරන් වරන් ඉරු දෙවියන් අතින් වරන්
වරන් වරන් සඳ දෙවියන් අතින් වරන්
වරන් වරන් මිහිකත දෙවි අතින් වරන්
වරන් වරන් සත්පත්තිනි අතින් වරන්


වරන් වරන් විෂ්ණු දෙවිඳු අතින් වරන්
වරන් වරන් සමන් දෙවිඳු අතින් වරන්
වරන් වරන් දැඩිමුඩ දෙවි අතින් වරන්
වරන් වරන් ගනදෙවියන් අතින් වරන්


වරන් වරන් කන්ද කුමරු අතින් වරන්
වරන් වරන් විභීෂණ දෙවි අතින් වරන්
වරන් වරන් මගෙ ගුරු වර අතින් වරන්
වරන් වරන් දොළහම දෙවි අතින් වරන්


ඉසුරෙන් උමාවන්
රුසිරෙන් සිරිකමාවන්
පතිනි සිරිමාවන්
මෙඅප වරදක් දුට කමාවන්


ගනපති දෙතිනුවණ
මිහිකත රකිති මෙදෙරණ
දෙන්නේ මට නුවණ
අසන් දෙවියනි දේව සුබගණ


දේව ගණ මැද්දේ
සිට ගෙන යකුන් යැද්දේ
ගැසූ බෙර සද්දේ
ඇසූ යක්සෙන් මෙඅප සෙත්දේ


පලමුව දොරටුවෙ කව්ද ඔතන මුර
සතර වරන් දෙවි සහ දෑලේ පිරිවර
යන්ට නො දී මට කරනා අනදර
විෂ්ණු දෙවිඳු වැඳ ගත්තෙමි අවසර

තුන්වෙනි දොරටුවෙ කව්ද ඔතන මුර
තුන්වෙනි දොරටුවෙ ගන දෙවියන් මුර
යන්ට නො දී මට කරනා අනදර
ගන දෙවියන් වැඳ ගත්තෙමි අවසර


සිව්වෙනි දොරටුවෙ කව්ද ඔතන මුර
දැඩිමුඩ දෙවි සහ දෑලේ පිරිවර
යන්ට නොදීමට කරනා අනදර
දැඩිමුඩදෙවි වැඳ ගත්තෙමි අවසර


පස්වෙනි දොරටුවෙ කව්ද ඔතන මුර
කන්ද කුමරු සහ දෑලේ පිරිවර
යන්ට නො දී මට කරනා අනදර
කන්ද කුමරු වැඳ ගත්තෙමි අවසර

 
සයවෙනි දොරටුවෙ කව්ද ඔතන මුර
පතිනි දෙවිඳු සහ දෑලේ පිරිවර
යන්ට නො දී මට කරනා අනදර
පතිනි දෙවියො වැඳ ගත්තෙමි අවසර


සත්වෙනි දොරටුවෙ කව්ද ඔතන මුර
දොළහම දෙවි සහ දෑලේ පිරිවර
යන්ට නො දී මට කරනා අනදර
දොළහම දෙවි වැඳ ගත්තෙමි අවසර


ඉසුරෙන් උමාවන්
රුසිරෙන් සිරිකමාවන්
පතිනි සිරිමාවන්
මෙඅප වරදක් දුට කමාවන්

(c) Shilpa Sayura Foundation 2006-2017