08 කොටස
 

අයියට නොබනින් නොගහන් තරහට
අක්‌කට නොබනින් නොගහන් තරහට
මල්ලිට නොබනින් නොගහන් තරහට
නංගිට නොබනින් නොගහන් තරහට

අයියාට, අක්‌කාට, මල්ලීට, නංගිට තරහෙන් නො බනින්න. නො ගසන්න.


 

 

අයියට අක්‌කට දෙගුරුන් දුන්දෙය
මල්ලිට නංගිට දෙගුරුන් දුන් දෙය
ලොබ කොට තරහට නොලබන් ඒ දෙය
හැමවිට සතුටට පැණෙන් ලත් දෙය

අයියාට, අක්‌කාට, මල්ලිට, නංගිට දෙමපියන් රිසින් දුන් දෙය ගැන තරහෙන් නො බලන්න. ලද දෙයින් හැමවිට ම සතුටට පත්වන්න.

ආතාට මුත්තට වැන්දට ප නැත
මාමට නැන්දට වැන්දට ප නැත
අයියට අක්‌කට වැන්දට පනැත
මොවුනට වැන්දට කමට පින් ඇත

ආතාට (මිත්තනියට) සහ මුත්තාට, නැන්දාට සහ මාමාට, අයියාට සහ අක්‌කාට වඳින්න, එයින් පව් සිදු නොවේ. මොවුනට වැඳීමෙන් මැනවින් පින් සිදු වේ.

කරුණාවට කී බණ අහපන්නේ
මැර ගතියට හෙම දුරු නොකරන්නේ
හොඳ සිරිතට මග පඬි බස වන්නේ
ජය ලැබුමට එය බස අරගන්නේ

තමන් කෙරෙහි කරුණාවෙන් කියන දෙය අහන්න. එය හිතුවක්‌කාර කමට බැහැර නො කරන්න. හොඳ පැවැත්මට ම නම් පඬිවරයන්ගේ ඔවදන් ය. ජය ලබා ගැනීම පිණිස එම ඔවදන් පිළිපන්න.

පොර බදන් නෑමට නොසිතන්නේ
දුව හැපෙමින් වතුරටනොපනින්නේ
ගැඹුරු දියෙන් නෑමට නොව
න්නේතනිව ගොසින් නෑමට නොසිතන්නේ

(නොයෙක්‌ දෙනා සම) පොර බදන් නෑමට නො සිතන්න. දුව පනින් (එකිනෙකා) හැපෙන් ජලයට නො පනින්න. ගැඹුරු දියේ නෑමට නො බසින්න. තනි ව ම ගොස්‌ නෑමට නො සිතන්න.

ගෙඩි කැඩුමට ගස්‌වලට නොයන්නේ
ගිනි තැපුමට හෙම පුරුදුනොවෙන්නේ
නිදා ගන්නට දහවල් නොසිතන්නේ
වැඩ කෙරුමට මැලිකම්නොකරන්නේ

ගෙඩි කැඩීමට ගස්‌ නො නගින්න. ගිනි තැපීමට පුරුදු නො වන්න. දහවල නිදා ගැන්මට නො සිතන්න. වැඩ කිමට කම්මැලි නො වන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017