සෞඛ්‍ය සහ සනීපාරක්‍ෂක අවශ්‍යතා
 

විශේෂිත කාරණා දෙකක් නිසා සෞඛ්‍ය හා සනීපාරක්‍ෂක අවශ්‍යතා කාබනික ගොවිතැනෙහිදී ඉහලම ස්ථානයක තබා ඇත. ඉන් එකක් තම පවුලේ අයගේ සහ නිපැයුම් පරිභෝජනය කරන්නන්ගේ ආරක්‍ෂිත වූ පෝෂණයයි. අනෙක ඉතා හොඳ අනතුරුදායක නොවන්නාවූ වැඩ කරන පරිසරයක් ඇති කර ගැනීමයි. මෙය නිපැයුම් දාමයේ ඉන්නා මිනිසුන්, ගැහැණුන්, දරුවන් ආදීන්ට අදාලය.

මෙම තත්ත්වයන් අද පවතින නූතන කාබනික ගොවිතැනෙහි අඩුවක් නැතිව ලඟාකර ගත හැකිය. IFOAM විසින් සපයා ඇති සාමාන්‍ය සහ විශේෂිත මග පෙන්වීම් වලට අනුගතව වැඩ කරන්නේ නම්, තමා අනුගතව ඇතිදැයි සහතික කරන්නෙකු මාර්ගයෙන් ඇගයීමක් කර සහතිකයක් ලබා ගැනීමෙන්. පාරිභෝගිකයා කොහේ සිටියත් වගා කරුවා තම නිපැයුම් සත්‍ය වශයෙන්ම කාබනික බව පෙන්නුම් කිරීමට සෞඛ්‍ය හා සනීපාරක්‍ෂක අවශ්‍යතාවයකි. IFOAM මග පෙන්වීම් “IFOAM Basic Guidelines” ලෙස නිකුත් කර ඇති අතර ඒ පිලිබඳ වැඩි විස්තර “IFOAM MANUAL FOR ORGANIC AGRICULTURE” කොටස කියවා අවබෝධ කර ගන්නට පුළුවන. සියළු අවශ්‍ය ක‍්‍රියා මාර්ග එහි පෙන්වා දී ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017