ආර්ථික අවශ්‍යතා
 

කාබනික ගොවිතැනේ දී ද වගා කරුවා තම ජීවිකාව කරදරයක් නැතිව පවත්වාගෙන යා යුතු හෙයින් පහත සඳහන් ආර්ථික කරුණු කාරනා ගැන මනා අවධානය යොමු වී ඇත. විශේෂිත හේතුව වන්නේ ගතානුගතික ගොවි තැනෙහි ආදායම අධික යයි පෙන්වා ඇති නිසාය. වගා කරුවා උත්සහ ගත යුතුය,


1. සතුටුදායක විය හැකි නමුත් ස්ථාවර අස්වැන්නක් ලැබීමට
2. යෙදවුම් සඳහා වන විය පැහැදම් අඩුකර ගැනීමට. ඒ සඳහා බාහිර යෙදවුම් අවම කර ගැනීමට
3. බෝග විවිධාංගීකරණය මගින් ආරක්‍ෂිත වූ ආදායමක් ලබා ගැනීමට
4. ගොවි පලෙහිදීම නිපැයුම් වල ගුණාත්මය වැඩි කර ගැනීමට සහ ඒවාට අගය එකතු කර ගැනීමට
5. ඉතා කාර්යක්‍ෂම ක‍්‍රියාවලියක් කිරීමට, තරඟකාරීව සිටීම සඳහා
6. තම ගොවිපලෙහි ඇති සියළු ද්‍රව්‍ය කාර්යක්‍ෂම ලෙස ප‍්‍රයෝජනයට ගැනීමට හා නැවත නැවත ප‍්‍රයෝජනයට ගැනීමට
7. සාධාරණ වෙළඳාමක් කිරීමට, සමාජ සාධාරණත්වයට ඉහල තැනක් දෙමින්

(c) Shilpa Sayura Foundation 2006-2017