පසුගිය දශක ගනනාවන්හිදී කෘෂි නිෂ්පාදනයේ අති විශාල වැඩි දියුණු වීමක් ඇති වීමට නව දැනුම, යන්ත්‍රෝපකරණ, රසායන ද්‍රව්‍ය, ජීව විද්‍යාත්මක උපකරණ, කර්මාන්ත, සැකසුම් ක‍්‍රම ආදිය බොහෝ දුරට ඉවහල් විය. එමෙන්ම මෙම ක‍්‍රියාවලිය තුලදී එකතු වූ සහ පෙනෙන්නට පටන් ගන්නා වූ අවාසිදායක තත්ත්වයන්ද බොහෝ ය. මෙම අවාසීන් වඩාත්ම පෙන්නුම් කරන්නට වූයේ එම ක‍්‍රම මගින් පස සහ ජලය කෘෂි බෝග වගාවන්ට යොදා ගන්නට වූ අවස්ථාවන් වලය. එසමගින් පසට හා ජලයට මුසු වුනා වූ රසායනයන් නිසාද අවාසි වූ අවස්ථා අප‍්‍රමාණය. සැකෙවින් දක්වතොත් එම අවාසි පහත දක්වන අයුරුය.
1. පරිසරය රසායනිකව දූෂණය වීම
2. ආහාර වලට විෂ රසායන සම්මිශ‍්‍රණය වීම
3. පාංශු සරු බවෙහි තිරසාර බව කෙමෙන් අඩු වීම
4. මිනිසාගේ හා සතුන්ගේ සනීපාරක්‍ෂක ජීවිතයට බලපෑම් ඇතිවීම
5. අධි ප‍්‍රමාණ වලින් එ්ක දිශානත පොහොර හා කෘෂි රසායන උපයෝගිත්වයෙන් පාරිසරික තුලිත තාවයන් නැති වීම
පරිසර පද්ධති වලට සහ මිනිසාට ඇතිවූ ඉහත පෙන්වා දුන් හානිදායක තත්ත්ව අවම කර ගැනීමට හා දිගු කාලීනව නැති කර ගැනීමට කාබනික ගොවිතැන අත්‍යවශ්‍ය ක‍්‍රියාවලියක් යැයි හඳුනාගෙන ඇත. උත්සාහය වන්නේ පරිසරයට හානිදායක නොවන සොබාදහමෙහි සිදුවන පස, පැල, සත්ව සහ සමස්ථ පරිසරය අතර වන සහසම්බන්ධතාවයන් යම් පමණකට හෝ නැවත ගොඩ නගා ගැනීමයි. ස්වභාවික පරිසර චක‍්‍ර නැවත උත්තේජනය කිරීම ඒවාට පීඩන එල්ල කරනවාට වඩා යහපත් බව විශේෂයෙන්ම පරිසර ¥ෂණය හා මිනිසාගේ සනීපාරක්‍ෂාව සම්බන්ධව අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම අවශ්‍යතාවය දිනෙන් දින වැඩි වෙමින් පවතී. එම වැඩිවන ඉල්ලූමට පිලිතුරක් කාබනික ගොවිතැනෙන් ලැබෙන බව පෙනී යන්නේ එහි ප‍්‍රමාණාත්මක ව්‍යාප්තිය දෙස බැලූ විටය. කාබනික නිපැයුම් පරිභෝජනය කරන්නන්ගේ අතිශය වැඩි වීම දෙස නෙත් යොමා බැලූ විටය. මෙය ගෝලීය තත්ත්වයක් වී හමාරය. මෙම අවශ්‍යතාවය මෙසේ සපුරා ලීම තරඟකාරී, ආර්ථික වාසි දායක, පරිසර සුරක්‍ෂිත බෝග වගා ක‍්‍රමයක් ලෙසද තහවුරු වී ඇත. වගා කරුවන් නැවත මේ වෙත යොමු වීම එහෙයින් වාසිදායක බව පෙනී ගොස් ඇත.