රජවන විට කාශ්‍යප තරුණ වියේ සිටියේය. ධාතුසේන රජුගේ වැඩිමල් පුත්‍රයා ලෙස ඉතාමත් චිරාත් සමයක ඔහු අධ්‍යපනය ලැබු බවටත්, තුරුණු වියේදී කලාකාමියකු සහ විනෝදකාමියකුද වූ බවද සිතිය හැක, පියාගේ රාජ්‍යත්ව හැකියාවන් ඔහුද වර්ධනය කරගන්නට ඇත. අර්ථ ශාස්‌ත්‍රය, ඉංජිනේරු විද්‍යාව හා ජල පාලනය ද ඔහු දැන සිටි දැන සිටියේ යයිද සිතීමට පුළුවන්ය.
ඔහුට එකල රෝමානු, පර්සියන්, ඉන්දියානු, මැලේ සබදතා තුලින් බොහෝ දැනුම ලබාගත හැකිව තිබුනි. කාශ්‍යප වසර දහ අටක් රජ කර, අනුරාධපුරයට වඩා ශක්තිමත් වූද, අහසට අධිපති යැයි සැලෙකන කුවේරයාගේ කයිලාසය වන් බිඳිය නොහැකි මාලිගාවක් හා නගරයක් ගොඩනැගීමටද ශක්තිය හා වීර්යය ලත් අයකු විය.
ලෝක උරුම නගරයක් නගරයක් බවට යුනෙස්කෝ ආයතනය විසින් නම්කරන ලද සීගිරිය ඔහුගේ පෞරුෂය, ආරථික දර්ශනය, ඉංජිනේරු හා වාස්තු විද්‍යා දැනුම, කලාකාමීත්වය පිළිබඳව වටිනා සාක්‍ෂියකි.
එවන් විශාල කටයුත්තක් කළ ඔහුගේ රාජ්‍ය කාළය වසර දහඅටක් පමණි. එවැනි විශාල කාර්යක් සඳහා විවිධ දක්‍ෂතා ඇත්තන් සොයා ගැනීම, ඊජිප්තුව රෝමය ආදී වහල් මෙහෙයක් නොතිබුණු තම රාජ්‍යයේ මහා කම්කරු ශ්‍රමයක් සංවිධානය හා අවශ්‍ය මුදල් සම්පාදනය කිරීමට මනා හැකියාවක් ඔහුට තිබෙන්නට ඇත.
අවශ්‍ය කළමණා සැපයීම පමණක් නොව තම රාජධානිය සෑදීමේ සෑම පියවරක්ම හා සෑම අංශයක්ම පෞද්ගලිකව ඔහු යටතේ සිදුවන්නට ඇති සාක්‍ෂිය මුළු මහත් සීගිරිය නගරයේ එකීය නගර සැලස්ම සහ නිර්මාණ විවිධත්යයි.
http://whc.unesco.org/pg.cfm?cid=31&id_site=202
