කාබනික ගොවිතැන දැනට ජනප්‍රිය වෙමින් පවතින්නේ විශේෂයෙන්ම බොහෝ අය තුල ඇති සෞඛ්යාරක්ෂක ආහාර ලබා ගැනීිමේ අවශ්‍යතාවයත්, පරිසරය දූෂණය නොවී තබා ගැනීමේ අවශ්‍යතාවයත්, තිරසාර පාංශු සාරවත්භාවයන් රැක ගැනීමේ අවශ්‍යතාවයත් හා පාරම්පරික වගා ක්‍රම දැනට පවතින ගතානුගතික ගොවි ක්රමයන්ට සම්මිශ්‍රණය කර ගැනීමේ අවශ්‍යතාවයත් නිසාය. ඒ සමගින්ම කාබනික නිපැයුම් වලට ඉහල මුදලක් ලබා ගැනීමේ හැකියාවද මතුවී ඇත. මෙවන් කරුනු කාරණා නිසා කාබනික ගොවිතැන ගෝලීයව ව්‍යාප්ත වෙමින් පවතී. ලෝකයේ සියළු රටවල යම් ප්‍රමාණයක කාබනික ගොවිතැන් වපසරිය වැඩි වෙමින් පවතී එක් රටෙක වැඩි වශයෙන්ද, තවත් රටෙක අඩු වශයෙන්ද වුවත්. එහෙයින්ම අද කාබනික ගොවිතැන විශේෂිත වූ, මනා පාලනයකට කොටු කර ගත්තාවූ ගොවිතැන් ක්‍රමයක් බවට පත්ව ඇත විශේෂයෙන්ම කාබනික නිපැයුම් භාවිතය කරන පාරිභෝගිකයිනට නියමාකාර වූ නිපැයුම් සපයා දිය යුතුම නිසා.