බිසව : අර කයිවාරු කාරයා කෝ?
මනමේ : මමත් බලන්නෙ එයා තමයි. මෙතන කොතන හරි ඇති.
(මනමේ රජු වැදි දෙටුවා අල්ලා ගෙන ඔසවා තමා කලින් වාඩි වී සිටි පුටුව ඇති තැනට පැමිණෙයි. වැදි දෙටුවා බිම වැටී රජුට වැඳ ගෙන සිටියි. බිසව දුන්නේ කෙළවරක් ඔහුගේ බෙල්ලට දමා ළඟට අදියි.)
මනමේ : උඹ කොහෙද ගියේ?
දෙටු : මම නිඳාගෙන හිටිය මෙතෙන්ට වෙලා.
බිසව : මෙයා තමයි සේරම කළේ කේළම් කිය කියා එතෙන්ට ගියා. මෙතෙන්ට ගියා.
දෙටු : මම කිසි දෙයක් දන්නෙ නෑ මම නිදාගත්තා.
බිසව : පේනව නේද හොර දෙටුවගෙ හැටි. තමා කොහේද යන්නේ?
දෙටු : මම යනවා පින්කම් බලන්න.
බිසව : තමා නේද අර කයිවාරු ගැහුවේ රජෙක් කියල මිනිහෙක් එක්ක ඇවිල්ල.
දෙටු : මම? මොන බොරුවක්ද? අපේ බාප්ප කෙනෙක් ඉන්නව ඉස්පිරිතාලෙ අවිස්සාවේල්ලෙ. මම මේ එහෙ යනවා.
මනමේ : තමා කවුද එක්කර ගෙන ආවේ.
බිසව : ඇත්ත කියනු තමා කොහේද යන්නේ? තමාගෙ ආගම මොකද්ද?
දෙටු : මේ ගමත් ආගම තමයි
බිසව : (දුන්න බෙල්ලට දමා බෙල්ලෙන් අදිමින්)
දෙටු : නැහැ ආගම් දෙකක් තියෙනවා. බුද්ධාගම පාවිච්චි කරනවා. කිරිස්තියන් ආගම කනවා.
බිසව : තමා සිලුත් සමාදන් වෙනවාද?
දෙටු : ඔව්
බිසව : මොන සිල්ද ගන්නෙ?
දෙටු : දහතුන් සිල්. ඉස්සෙල්ලා පන්සිල් ගන්නවා. පස්සෙ අට සිල් ගන්නවා.
බිසව : එහෙනන් තමා සිල් සමාදන් වෙනව නම් කියනව බලන්න තුන් සරණේ.
දෙටු : අර සරණේ. මේ සරණේ. කොයි සරණේ.
බිසව : තමා බොරු කියනවද?
දෙටු : මම කවදාවත් දන්නෙවත් නැහැ.
බිසව : තමාට ඔයි කියන විදියට අපි යන්න දෙන්නෙ නැහැ. අපි කියන විදියට දිවුරුවොත් විතරයි යන්න දෙන්නෙ.
දෙටු : හොඳමයි.
බිසව : එහෙනන් මම කියන විදියට කියල දිවුරන්න ඕන. (දෙටු පහත් වී වැඳ ගෙන සිටියි)
බිසව : කෙනෙක් විසින්
දෙටු : කෙනෙක් විසින්
බිසව : කෙනෙක් නහන්ට
දෙටු : කෙනෙක් නහන්ට
බිසව : කිසි දිනක
දෙටු : කිසි දිනක
බිසව : බොරු කේලම් කියන්නෙවත්
දෙටු : බොරු කේලම් කියන්නේ නැහැ.
බිසව : කියන්නෙවත්
දෙටු : කියන්නෙවත්
බිසව : සතුන් මරන්නෙවත්
දෙටු : සතුන් මරන්නෙ නැත්නම් කන්නෙ කොහොමෙයි?
බිසව : (කඩුව ඔසවයි) මම කියන එකද ඔයි කියන්නේ?
දෙටු : සතුන් මම මරන්නෙ නැහැ.
බිසව : (කඩුව ඔසවයි) සතුන් මරන්නෙවත්
දෙටු : සතුන් මරන්නේවත්
බිසව : සතුන් මස් කන්නේවත්
දෙටු : (මඳක් සිට) සතුන්ගේ මස් නැත්නම් බත් කන්නේවත්
බිසව : (කඩුව ඔසවයි) (වැදි දෙටු හපෝයි කියයි)
දෙටු : නැහැ මස් කන්නේ නැහැ. මම කන්නේ නැහැ.
බිසව : සතුන්ගෙ මස් කන්නේවත්
දෙටු : කිසි දිනක රජකෙනෙක් සමඟ යුද්දයට යන්නේවත්
දෙටු : ඔව්
බිසව : (කඩුව ඔසවා) රජකෙනෙක් සමග යුද්දයට යන්නේවත්
දෙටු : රජකෙනෙක් සමඟ යුද්දෙට යන්නේ නැහැ මීට පස්සෙවත්.
බිසව : මොනවා. මම කියන විදියට කියනවා. රජකෙනෙක් සමඟ යුද්දයට යන්නේවත්
දෙටු : රජකෙනෙක් සමඟ යුද්දයට යන්නේවත්
බිසව : නැති බවට සහතිකයි.
දෙටු : නැති බවට සහතිකයි.
බිසව : බොරු කියල තිබුණොත්
දෙටු : මම දිවුරලා සහතික කරල නේ ඉන්නේ
බිසව : තමන් පවුල් වෙලාද?
දෙටු : මම
බිසව : තමන්ට ළමයි ඉන්නවාද?
දෙටු : ළමයි මුට්ට දෙකයි. එක මුට්ටෙක විස්සයි.
බිසව : තමන්ට වෙන රක්ෂාවක් නැති හින්දා ඔයි කියන මළ සිරුරු ටික සුද්ද කරල දාන්න ඕන.
දෙටු : මට. මදෑ කෑව පිදුරු. මම ඒව බලා ගන්නන්.
(දෙටුවා ගොස් එකිනෙකා ඔසවා ගෙන වෙස් අත්ත ළඟට ගෙන යයි. එතැනදී නැගී සිටි ඒ තැනැත්තා නැගිට පැන දුවයි. ප්රේක්ෂකයෝ සිනහසෙති. වැදි රජු පැමිණෙයි. තමා පිරිස අවට නැති බව දැනගනියි)
