(වැදි දෙටුවා මනමේ රජු ඉදිරියට බියෙන් මෙන් ගමන් කරයි. කුමාරිය රජුගෙ අතේ ඇති කඩුව ඉල්ලා ගෙන දෙටුවාට එය ඔසවා බිය කරවයි. දෙටුවා බිය වී 'හාපෝ' යයි කියා කෑ ගසාගෙන වැදි රජු ඉදිරියට දිව ගෙන එයි)
වැදි රජු : මොකද දෙටුවා කෑ ගහගෙන ආපහු දුවගෙන ආවේ.
දෙටු : කිට්ටු වෙන කොටම මොකද්ද එකක් දික් කර ගෙන එනව.
රජු : තමා කිවුවද කාරණාව.
දෙටු : මං කියන්නම තමයි හැදුවේ. කොහෙන්ද පරෙවි ජෝඩුව වගේ ලංවෙලා ඉන්නවා. මමමමමම යන කොටම වගේ දික් කරනවා උල් එකක්. මගෙ අම්මෝ.
රජු : දෙටුවා, තවමත් ඒ අය ඉන්නවද? ඉන්නව නම් කියන්න. මේ වනන්තරයෙන් පිටවෙලා යන්න කියලා. අපි යුතුකම් දන්න මිනිස්සු. නොදැනයි ඔය ඇවිල්ල ඉන්නෙ. වැරදීමකින්. දෙටුවා දන්නව නේද අපෙන් බේරිලා ගිය කිසිම කෙනෙක් නෑ ඔයි විදියට ආපු.
දෙටු : මේ ගොල්ලන්ගෙ අන්තිම ගමන තමයි ඇවිල්ල තියෙන්නෙ.
රජු : ඒ ගොල්ලන්ට කියන්න.
දෙටු : කොහොමද කියන්නෙ. මං යනකොටම දික් කරනවා.
රජු : කොහොම එකක්ද?
දෙටු : මෙහෙම එකක් (අතක් දික්කර කඩුවේ ස්වරූපය පෙන්වයි)
රජු : ගිහිල්ල බලනවා. ඉන්නවද කියලා. ඉන්නව නම් අපිම යමු බලන්න.
දෙටු : ඔබ වහන්සේ ගිහින් බලා ගන්න එක හොඳයි.
රජු : එහෙනන් තමා ඉස්සර වෙනවා. හොඳයි
(වැදි රජු මනමේ ළඟට ගොස්)
සබඳ දනුය තා නීලමාල වැදි රජෙකි මන්-වන එමැද වාස කර ඉන්නෙ පන්සිය පිරිවරන්
කවුද තොපට මගෙ වනෙන් යන්න වර දුන්නෙ දැන්-කුමරියද සමඟ සිය පුරට යාම පම වෙයි බොලන්
මනමේ වැදි රජුට කවිය :
පුර බරණැස් රජුහට දා කුමරු මනමේ නමින්-විත් හැර සිල්පෙට තක්සලා පුර සිට එන්නෙ මන්
වැරදුනු සිල්පෙට දක්ෂ ධනුද්දර නම යෙදුන් -මම
පුර යම් ගුරුතුමා පාව දුන් ළඳ සමඟ දැන්
රජු : දෙටුවා
දෙටුවා : මන්දෝ
රජු : එයා කියනව බරණැස් නුවර රජ්ජුරුවන්ගෙ පුතාලු.
දෙටු : හොඳද?
රජු : මෙයා තක්සලා පුර දිසාපාමොක් ආචාරින් ළඟට ගියාලු ඉගෙන ගන්න.
දෙටු : මේ එහෙ ගිහින් ඉගෙන ගෙන එනවා.
රජු : ඔව්, සිල්ප ශාස්ත්‍ර දියුණු විදියට ඉගෙන දක්ෂ නිසා ගුරුතුමා දක්ෂ ධනුද්දර කියල නමකුත් දුන්නලු.
දෙටු : මේ දැනුත් කුමාරය කියලා.
රජු : නැහැ දෙටුවා ධනුද්දර කුමාරයා කියලා නාමයක් දුන්නලු.
දෙටු : දක්ෂකමට හා හා
රජු : මෙයාට ඉතින් ගුරුතුමා සන්තෝෂයට තෑග්ගකුත් දුන්නලු. තමන්ගෙ දූ කුමරියත් සරණ පාවා දුන්නලු.
දෙටු : මගෙ තාත්තේ. මොකට මගදී මැරෙන්නද?
රජු : මගදි මැරෙන්න නේන්නම්. මේ ගොල්ල වැරදිලා ඇවිල්ල තියෙන්නෙ.
දෙටු : මොකද්ද එකක් නේන්නම්. අනේ තාත්තේ
(මනමේ රජු හා බිසව හුන් තැනින් නැඟිට වැදි රජු ඉදිරියට එති. බිසව ඔහු දෙසත් වැදි දෙටුවා දෙසත් ඉතා නොසතුටින් මෙන් බලා සිටියි)
බිසව : අනේ බලන්නකෝ මේ ගොල්ලන්ගෙ හැටි. හේනෙ බැඳපු ලීයක් වගෙයි.
රජු : මේ දෙන්නම එකයි බැලුවම. අරක ඊට එහා.
බිසව : දෙන්නම මූකලන් වගෙයි.
දෙටු : ඉරණම තමයි මෙහෙ ගෙනාවෙ. මොනව කරන්නද මගෙ තාත්තෝ.
වැදි රජු : ඒක නෙවෙයි තමාට කියනවා. තමා හොඳ දක්ෂ කුමාරයෙක්. පින්වත් කුමාරයෙක්. ඒක නිසා පාර වැරදිලා ආවේ කියලා හිතෙනවා. කිසිම කෙනෙකුට මේ වනයට එන්න අවසරයක් නැහැ. ඔයි දෙන්න ආවෙ වැරදිලා. ඒ වැරදිලා ආපු නිසා අපේ යුතුකමක් තියෙනව. දෙටුවා මේ ගොල්ලන්ට වහාම මේ වනයෙන් පිටවෙලා යන්න කියල.
මනමේ : වනයේ යන්නත් මෙයාගෙන් අවසර ගන්න ඕනද?
දෙටු : ඒකත් හැබැයි. මේ ගොල්ලන්ගෙ කතාව පේනවද?
වැදි රජු : මොකද්ද?
දෙටු : මේකෙන් යන්න අවසර ඕනද කියල අහනවා. (මනමේට ගහන්න මෙන් පනින බව අඟවයි)
වැදි රජු : මේ වනාන්තරයට ආපු කිසි කෙනෙක් අපෙන් බේරිලා ගිහින් නෑ.
මනමේ : ආ, ඒ වුණාට අපිට බේරිලා යන්න පුළුවන්
වැදි රජු : යාය කියල තමයි බය.
මනමේ : නොයාය කියල තමයි බය.
දෙටු : බය හිතෙන්නෙ තව ටිකකින් පණ යන්න කිට්ටු වුණාම
වැදි රජු (මනමේ රජුට):
ඉල්ලා මස් ඇරියා මගෙ වැදි කොල්ලෝ අතින්-ඒ
බල්ලා එවුව පසුව ඔලුවෙ ගහලා එවුව ඉතින්
මෙල්ලා නොව කළ අනුවණ කම් අරවමි සැරෙන්-ජඩ
කොල්ල බලා ගනු තට වෙන දේ තව මොහොතකින්
මනමේ රජු වැදි රජුට :
වනේ වසන වැඳි කොල්ල තියා මුලු දියත සෙන්-විත්
ගෙනේ ඇවිද සිටියත් සුන් කරලමි මෙම කගෙන්
පෙනේද අර වනචර කොල්ලගෙ බහු මිග දෙඩුන්-අද
සැනේකදී ඇරවා ලමි තගෙ මැත දෙඩුන්
බෙර වාදකයන්ගෙ තානම : තාන තනෙන තම් ///තනෙනා
