තම දෙවියන් නැමද
මපිය දෙදෙන දැක වැඳ
ගුරුන් වෙත ගොස් වැඳ
අකුරු නිසි ලෙස ඉගෙණ ගනුසොඳ
තමන්ගේ (ඉටු) දෙරියන්ට වැඳ, මපියන් දැක වැඳ, ආචාර්යවරුන් වෙත ගොස් වැඳ, නියත ලෙස හොඳින් අකුරු (පාඩම්) ඉගෙන ගන්න.
පාසැලට යන එන
අතර මගදීනිසිතැන
කොලහල නොකරන
ගමන් කරපන් සිල්වතෙකු මෙන
පාසැලට යන එන අතරමග කිසිම තැනක දී කෝලාහල නො කරන් සිල්වතකු මෙන් යාම් ඊම් කරන්න.
තම පොත් පත් රැගෙන
නියම තැන්වල ඉඳගෙන
ගෝසා නොකරන
කරනු පාඩම් සිතට ගනින
පාසැලේ)තමන්ට නියත ස්‌ථානවල හිඳ තමන්ගේ පොත් පත් රැගෙන කරුණු සිතට ගනින් නිහඬව පාඩම් කරන්න.
පාසැලෙහි තැනතැන
නොයන් දුවමින් බලන
දඟ නොකර ඉඳගෙන
ගුරුන් කී දෙය කරන් එලෙසින
පාසැලේ නොයෙක් තැන දුව පැන බලන් ද නො කොට (නියත තැන) හිඳ ගෙන ආචාර්යවරුන් නියම කළ වැඩ ඒ අයුරින් කරන්න.
අනුන්ගේ පොත් පත්
නානු නොගනු කිසිවක්
උවමනා කලහොත්
කියා ඉල්ලා ගැනුම යහපත්
අනුන්ගේ පොත් පත් නො අඳින්න. (අනුන්ගේ) කිසිවක් නො ගන්න. (තමන්ට) අවශ්‍ය වූ විටක කියා ඉල්ලා ගැනීම යහපත් ය.
ගල්ලෑලි පොත් පත්
පෑන් පැන්සල් සැවොමත්
තම සැලකුම ඇතොත්
තමන් ගාවම තිබෙයි සැක නැත
ගල්ලෑලි පොත්පත්, පෑන් පැන්සල් (ආදි) අවශ්‍ය සියල්ලට ම තමන්ගේ සැලකිල්ල තිබේ නම් තමන් ළඟතිබෙනු ඇත. ඒ ගැන සැකයක් නැත.