තාල රූපවලට අනුව පද සංයෝජනය
තනිතිත හෝ දෙතිතේ තාලරූපයන්ට අනුව පද සංයෝජන කිරීම බොහො විට සමූහ වාදනයක දක්‌නට ලැබේ. එහි අනු පිලිවෙලක් අවශ්‍ය නොවුවද පහත දැක්‌වෙන කාරණ නිසි ආකාරයෙන් භාවිතා කරමින් සමූහ වාදනයේ යෙදීම ඉතා අලංකාරවත් නිර්මාණයක් නිපදවීමට හේතුවේ.
* වාදනය ගලා යන වේගය එකම ලයකින් නොපැවතී විවිධ ලය වේග වල අනුව වාදනය කිරීම.
* පද කොටස් එක් එක් භාණ්‌ඩ වලින් වෙන් වෙන් ව වාදනය කිරීම.
* පද කොටස් වලට කඩා එක් එක් කොටස් විවිධ භාණ්‌ඩ වලින් වැයීම.
* හඩ උස් පහත් කරමින් වැයීම.
* භාණ්‌ඩ සියල්ල එකවැර වාදනය කිරීම
ආදිය දැක්‌විය හැකිය.
කේවල හා සාමුහික වාදනය
සමූහ වාදනයක මහත් සුන්දරත්වයක් ගෙන දෙන කාරනයකි කේවල හා සාමුහික වැයීම. කේවල යනු තනිව වැයීම වේ. මෙහිදී සිදුවන්නේ සමූහ වාදනයට යොදාගත් පදයක් කොටස් වලට වෙන් කොට, එහි එක් කොටසක් තනි භාණ්‌ඩයක් මගින් හා අනෙක් කොටස සාමුහිකව වැයීමයි. මෙය සමූහ වාදනයකදී විවිධත්වයක් ඇති කිරීමට හේතුවේ. පහත සරල උදාහරණය මගින් කේවල හා සාමුහික වාදනය හොදින් පැහැදිලි කර ගන්න.
![](/unidata/m82/5/1/thusitha_p_925_kewal.jpg)
ඉහත පදය දවුල තම්මැට්‌ටම ගැට බෙරය හා රබාන යොදා ගෙන කොටස් වශයෙන් වාදනය කරමින් හා ක්‍රමයෙන් සාමූහිකව වාදනය වන අයුරු හොදින් අධ්‍යනය කරන්න.
වාදනයේදි ශිල්පීන් අතර සබඳතා
සමූහ වාදනයකිදී මෙය අත්‍යාවශ්‍යම කාරණයකි. මන්ද යත් එක් අයකුගේ අත් වැරැද්දකින් හෝ අමතක වීමකින් මුළු වාදනයම අසාර්ථක වීමට ඇති හැකියාව නිසාය. තම තමන්ට වාදනයේ හිමිවී ඇති වාරය එන තුරු ඉවසිලිවත්ව, සූදානමින් සිටීම වැදගත් වේ. වාදනයට මනාව ඇහුංකම් දී තම වාරය පැමිණි පසු වාදනය ගලා ගිය ලය වේගය එලෙසම පවත්වා ගනිමින් වාදනය කිරීම ඉතා වැදගත් වේ. වාදනයට සහභගී වන හැම ශිල්පියෙකුම මතක තබා ගත යුතු කරුණකි, තමාට කේවල හා සාමුහිකව යම් වගකීමක් පැවරී ඇති වග.

![](/sayura/images/logo2.png)