ගෙදොර අතුගෑමෙන
මූන කට සෝදා ගෙන
ඔලුව පීරාගෙන
අකුරු පාඩම් කරනු සතුටින
ගේදොර අතු ගා, මුහුණ කට සෝදා, හිස පීරා, (පිරිසිදු වී) සතුටින් පොත් පාඩම් කරන්න.
අත පය සෝදා ගෙන
නරක කෑමක් නොමගෙන
හොඳ දෙයක් කෑමෙන
සැරසෙන්න පාසැලට යන මෙන
අත් පා සෝදා (පිරිසිදු කොට ගෙන) නරක ආහාරයක් නොගෙන හොඳ ආහාරයක් අනුභව කොට පැසැලට යාමට සූදානම් වන්න.
කිලිටු රෙදි බැනියම්
ඇඳුම් නාඳිනු කිසියම්
පිරිසිදු නිසි ඇඳුම්
අඳින් හැම කල නුඹට ඇත්නම්
කෙසේවත් කිළිටි වූ රෙදි බැනියම් ඇඳුම් නොඅඳින්න. ඔබට තිබේ නම් හැම විට ම සුදුසු පිරිසිදු ඇඳුම් අඳින්න.
දිග නියපොතුවැඩුනු
තිබුව හොඳ නෑකප්පනු
දත්පෙල කුණු බැදුනු
පෙණෙයි කැත ලෙස හොඳින් සෝදනු
දිගට වැඩුණු නියපොතු තිබීම හොඳ නැත. ඒවා කපා දමන්න. කුණු බැණු දත් පෙළ කැත ලෙස පෙනෙයි. එබැවින් දත් හොඳින් (මැද) සෝදන්න.
සෙම් සොටු පෙරාගෙන
කුණු කෙළ වයිරිලා ගෙන
දැලිකුණු තවරැගෙන
ඉඳුම කැත ලෙස පෙණෙයි බැලුතැන
සෙම් සොටු පෙරාගෙන, කුණු කෙළ (වයිරන් බේරෙන ලෙස කට දෙපසින්) පෙරාගෙන විකාර ලෙස හිඳීම කැත ලෙස පෙනෙයි.
හිස අවුල් කරගෙන
කිලුටු වැරහැලි ඇඳගෙන
පඹයෙකුගෙ විලසින
ඉඳුම හොඳ නෑ බූතකරන
කිලිටි වැරහැලි හැඳ හිස (කෙස්) අවුල් කොට ගෙන පඹයකු ලෙස පෙනෙන් නොයෙක් විකාර කරන් සිටීම හොඳ නැත.