![](/unidata/m82/2/1/thusitha_p_922_panch.jpg)
කණ්‌ඩායමක් එක්‌වී වාද්‍ය භාණ්‌ඩ කිහිපයක් භාවිතා කරමින් කරනු ලබන වාදන අවස්‌තා සමූහ වාදන ලෙස හැදින්වේ. එදිනෙදා ඔබ දැක ඇති සමූහ වාදන අතරට,
1. පෙරහැරවල් වල හා පිංකම් පුජා කටයුතු වලදී කෙරන හේවිසි වාදනය
2. පාසලේ තූර්ය වාදක කණ්‌ඩායම
දැක්‌විය හැකිය.
ආදේශ භාණ්‌ඩ යනු එදිනෙදා අපට පහසුවෙන් සොයා ගත හැකි අමුද්‍රව්‍ය මගින් සාදාගත් වාද්‍ය භාණ්‌ඩ වේ. උදාහරණ ලෙස ඔබ කුඩා අවදියේදී තැනූ, ටින් බෙර, ගොක්‌කොල නලා, පැපොල් බට නලා, ටොනික් මූඩී යොදා තැනූ පන්තේරූ ආදිය දැක්‌විය හැකිය.
සාම්ප්‍රදායික භාණ්‌ඩ යනු, ගැටබෙර, තම්මැට්‌ටම්, දවුල්, හොරණෑ, පන්තේරු, තාලම් පොට, හොරණෑව, උඩැක්‌කී ආදී තූර්ය භාණ්‌ඩ වේ.
සමූහ වාදනයකදී සිදුවන්නේ ඉහත කී ආදේශණ භාණ්‌ඩ හෝ සාම්ප්‍රදායික භාණ්‌ඩ මනා සංකලණය කින් යුතුව නියමිත තාල රූපයකට අනුව වාදනය කිරීමයි. සමූහ වාදනයකදී සාම්ප්‍රදායික පදම යෝදා ගනිමින් වාදනය කිරීම අත්‍යවශ්‍ය නොවේ. විවිධ හඬවල් අනුකරණය කරමින් පද සකස්‌කර ගැනීමේ නිදහස ශිල්පීන්ට ඇත. නමුත් මේ සියළු පදයන් නියමිත තාල රූපවලට වාදනය කළ යුතුය. නොඑසේනම් එය කණට අමිහිරි ඝෝශාවක් බවට පත් විය හැක.ඔබ හොදින් අසා පුරුදු රබන් පද වැනි ඒවයින් සමූහ වාදනයක් සඳහා පද සකසා ගැනීම පහසුය.

![](/sayura/images/logo2.png)