ධාතුසේන රජුට රාජ්‍යත්වය හා ජීවිතයද අහිමිවන්නේ බාහිර බලපෑමකින් නොව පවුල් අවුල් නිසාය. ධාතුසේන රජුට මෙහෙසියගෙන් උපන් මුගලන් හා අන් මෙහසියකුගෙන් උපන් කාශ්‍යප නම් පුතුන් දෙදනකුද, සංඝා නම් රූමත් දුවක්ද වූවාය. කාශ්‍යප වැඩිමහලු පුත්‍රයා විණි. මේ පුතුන් දෙදෙනාම ධාතුසේන රජ කල සටන් වලට එක්වන්නට ඇති අතර මනා අධ්‍යාපනයක් ලැබූ අය වූහ.
තම සොහොයුරියගේ පුතු මිගාරට තම දුව පාවා දුන් ධාතුසේන රජු, ඔහු තම සේනාවල සෙන්පතියා බවට පත්කර රජ පවුලේ ශක්තිමත් බව රැක්කේය. මිගාර මව හා සංඝා ලේලිය අතර ආරවුල් මිගාර සෙන්පතියා දක්වා පැතිර ගියේය. තම මව කී බස් අසා, ගැබ්බර වී සිටි ධාතුසේන රජ දුවට කල අමානුශික දඬුවම් නිසා මිගාර සෙනවියා සහ මිගාර මව රාජ උදහසට ලක්විය.
දුවගේ ඇඳුම් වල ලේ දැක කුපිත වූ, ධාතුසේන රජු තම සොහොයුරිය එනම් මිගාරගේ මව පණ පිටින් පුලුස්සා මරා දැමූවේය. මිගාර සැඟව ගති. සංඝා කුමරිය පුතකු වැදුවාය. ඔහු පසු කලෙක මහා වියතෙකු වී මහාවංශය ද ලියූ මහානාම තෙරුන්වහන්සේ නම් විය. මිගාර සෙනවි සමග එකතු වූ කාශ්‍යප කුමරු ධාතුසේන රජගේ සේනාව පරදවා ක්‍රි.ව. 479 දී ලංකාවේ රජවිය. මුගලන් කුමරු ඉන්දියාවට පලා ගියේය.
