නොමින් දුක විදමි න
අනුන් සෙව් දන මිළ
දැන හොරෙන් නො ගනුව පැන
සිතන් කැබිලිති ලෙසින් ඒ ගැන
අනුන් විසින් අපමණ දුක් විඳ උපයා ගන්නා ලද ධනයෙහි අගය තේරුම් ගෙන ක්‍රියා කරනු මිස කිසි විටක හොරෙන් හෝ බලයෙන් ඒවා නො ගන්න. ඒවා (කිසිදු වටිනාකමක් නැති) කැට කැබලිති සේ සිතන්න.
අනුන්ගෙන් නැති උන
දෙයක් ලැබුණොත් යම් දින
එය සගවා නොගෙන
දෙන්ට කරුණා කරන් සතුටින
යම් දිනක අනුන් අතින් නැති වුණු දෙයක් (ඔබට) ලැබුණොත්, එය හංගා නොගෙන ඔවුන්ට දීමට සතුටින් කාරුණික වන්න.
කුණු සරුප නො කියනු
කේලම් වචන නොකියනු
විහිලු බොරු නොකියනු
ඇනම් පද කිසිවෙකුට නොකියනු
කැත වචන නො කියන්න. කේලාම් නො කියන්න. විහිලුවට වත් බොරු නො කියන්න. කිසිවෙකුට ඇනුම් පද නො කියන්න.
බොරු කීමකැතමය
ගැරඬි කුණටත් නො සමය
ඇත්ත නම්කමය
මොලොව රජ සැපතටත් උතුමය
බොරු කීම කැත සිරිතක් ම ය. එය ගැරඬි කුණකටත් වඩා නොවටිනා දෙයකි. ඇත්ත කීම හොඳ ම දෙයකි. එය මොලොව රජ සැපතටත් වඩා උතුම් ය.
අතින් අත බැඳ පෙළ
නොයන් මංමාවත් වල
තැනින් තැන කඩවල
නොයන් කරුණක් නැතිව කිසි කල
අත් වැල් බැඳ පේළි ගැසී මංමාවත්වල නො යන්න. තැන් තැන්වල කඩ (පිල්)වල අවශ්‍යතාවක් නොමැති ව කිසිවිටක නො යන්න.
තැනින් තැන ගෙන් ගෙට
ගොසින් බලන් වටපිට
අනුන් කන බොන විට
ලොබින් නොයිදින් නැතත් කෑමට
තැන් තැන්වල ගෙන ගෙට ගොස් වටපිට බලන් අනුන් කන බොන වේලාවලදී තමන් කෑවත් නැතත් ලොබයෙන් (කෑදරකමින්) බලා නො සිටින්න.