මහත් සෙත් වඩවන
සිරිත් මල්දම බලන
සිරිත් හොඳදැන ගෙන
මහත් යසසිරි ලබනු දෙලොවින
සිරිත් මල්දම බලා මහත් සේ යහපත් සළසන හොඳ සිරිත් දැන ගෙන මෙලෝ පරලෝ දෙක්‌හි බොහෝ කීර්තිය හා සම්පත ලබන්න.
හොඳ ලෙස හැදීමට
හොඳ සිත ඕනෑ හැම විට
නරක සිත් ඇති විට
නරකමයි සිදුවන්නෙ අපහට
යහපත් ලෙස හැදීමට හැම විට ම යහපත් සිත අවශ්‍ය ය. නරක සිත නිසා අපට නරකක් ම සිදු වේ.
නරක සිතකින් නම්
හොඳක් නොකළැකි කිසියම්
හොඳක් නොකළේ නම්
උපන් ගතියෙන් නැත පලක් නම්
නරක (නපුරු) සිතුවිල්ලකින් නම් කිසිම හොඳක් කළ නොහැකි ය. යහපතක් නොකළ හොත් උපන් මිනිසත් බවින් ප්‍රයෝජනයක් නැත.
පව් නම් නරක මය
එයින් දොලොවෙහි දුක මය
පින් නම් උතුම් මය
එයින් දොලොවෙහි මහත් සැප මය
පව් කිරීම නරක ම ය. එයින් මෙලෝ පරලෝ දුක ම ඇති වේ. පින් කිරීම උතුම් වේ . එයින් දොලොව මහත් සැප ම ලැබේ.
තමන් පණ ලෙස හැම
සතුන් ගැන සළකා පෙම
ඔවුන් දුටු විලසම
කරන් ආදර ගුණය නොහැරම
තමන්ගේ පණට මෙන් හැම සතු කෙරෙහි ම ආදරයෙන් සළකන්න. ඔවුන් දුටු ආකාරයෙන් ම ආදර ගුණය අත් නොහැර සළකන්න.
සෙල්ලම් සිතින් වත්
යම් කිසි තරහකින් වත්
මරණ සිතකින් වත්
සතුන්හට වද දීම නොහොබිත්
විනෝද වීමේ අදහසින් හෝ, කිසියම් තරහක් නිසා හෝ, මරණ චේතනාවෙන් හෝ සතුන් හට වද (හිංසා) කිරීම සුදුසු දෙයක් නො වේ.