පැහි බතට ගුණ නොවන ලෙඩ තිපල් කසායට ගුණ වෙනවලු
 

කියමන : පැහි බතට ගුණ නොවන ලෙඩ තිපල් කසායට ගුණ වෙනවලු.
තේරුම : හොඳින් හෝ නරකින් යන තේරුම.

අතීත කතාව - එක ගමරාල කෙනෙක්‌ රැ කල හේනේ නිදිමරා නිවෙසට එන විට ඔහුගේ තරුණ බිරිඳ බිම වැතිර නිදා සිටියාය. ගමරාල දුටු ගම බිරිඳ අසාධ්‍ය බව පෙන්වමින් මෙසේ කීවාය. "ඉන්න හිටින්න බෑ මගේ බඩේ රුදාවක්‌.

ගෙදර ඉන්න දවස්‌වල නම් අපෙ අම්ම මේ ලෙඩේට මස්‌ රස දමා පැහි බතක්‌ උයා දෙනවා. ඒත් ඉතින් මෙහෙ ඕව කවුරු කරන්නද?" බිරිඳ ගැන අනුකම්පා කළ ගමයා දින කීපයක්‌ එසේ පැහිබත් උයාදී සාත්තු සප්පායම් කළත්, බිරිය හොදින් කා බී සුවසේ නිදාගත්තා මිස ලෙඩේ සුව වන බවක්‌ පෙනෙන්නට නොවීය. මෙයින් කලකිරීමට පත් ගමයා වෙද බාප්පා සොයාගොස්‌ කාරණය කී විට සිදුව ඇති දේ තේරුම් ගත් වෙදා මෙසේ උපදෙස්‌ දුන්නේය.

"බොල ඕකිට ඇති ලෙඩක්‌ නෑ. කන්ඩ බත් ඇටයක්‌ නොදී හොඳ තිපල් කසායක්‌ හදල බොන්ට දීපිය. බිව්වේ නැතිනම් ඉලපත කැඩෙනකම් තඩිබාපිය."
වෙද රාලගේ උපදෙසේ හරියටම හරිගියේය.

(c) Shilpa Sayura Foundation 2006-2017